ඇල්පිටිය සභාවේ ඡන්ද දිනය ගැසට් කෙරේ | සිළුමිණ

ඇල්පිටිය සභාවේ ඡන්ද දිනය ගැසට් කෙරේ

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සඳහා දිනයක් යෝජනා කර අදාළ දිනය ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ බව ගාල්ල දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරීවරයා පවසයි.

ඔහු මේ බව සදහන් කලේ, අද ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ගාල්ල දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරීවරයා සඳහන් කළේ ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසිම පැවැත්වෙන දිනය තමන් මේවනවිට මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර ඇති බවයි. 

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම පවත් වන ලෙසත්  ප්‍රතික්ෂේප කරන ලද නාම යෝජනා  බාරගන්නා ලෙසත් අගෝස්තු 30 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තමා වෙත නියෝගයක් එවා තිබු බව තේරීම්භාර නිලධාරීවරයා එහිදී පැවසීය. 

එහිදී ගාල්ල දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරීවරයා විසින් කියා සිටියේ ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 53384 දෙනෙකු බවත් ඒ තුළින් සභිකයින් 28 තෝරා ගැනීමට නියමිතයි.

සභිකයින් 28 තොරා ගැනීම සඳහා ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවට කොට්ඨාශ මට්ටමින් 17 දෙනෙකුත් එමෙන්ම දෙවන ලැයිස්තුවෙන් 11 දෙනකු වශයෙන් සභිකයින් 28 දෙනා තෝරා ගන්නා බව ගාල්ල දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.

 

Comments