සිග්නීස් ටෙලි සිනමා සම්මාන උලෙළ දා... | සිළුමිණ

සිග්නීස් ටෙලි සිනමා සම්මාන උලෙළ දා...

 ‘සිග්නීස් ටෙලි සිනමා සම්මාන උලෙළ 2019‘ උත්කර්ෂවත් ලෙස පසුගියදා (02) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්විණි.42 දෙවන වරට පැවැති මෙවර සම්මාන උලෙළේ ප්‍රධාන අමුත්තන් ලෙස ජාත්‍යාන්තර සිග්නීස් මහා ලේකම් රිකාඩෝ යුනේස්, ආසියානු සිග්නීස් මහාලේකම් බෙර්නාඩෙට්ටා විඩියාන්දාජනී, සිග්නීස් අන්තර්ජාතික සම්බන්ධිකාරක(රෝමය) මරියා ඩි ලොරෙන්සෝ සහභාගි විය. අමුත්තන් ඇතුළු ආරාධිතයින් සිග්නීස් ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ලාල් පුෂ්පදේව ප්‍රනාන්දු පියතුමා විසින් පිළීගන්නා ලදි. මුඛ්‍ය දේශනය පැවැත්වූයේ මහචාර්ය සෞම්‍ය ලියනගේ ය.

සුවිශේෂි අන්තර්ජාතික උපහාර උත්තමාචාර 2019 ප්‍රවීණ රංගන ශිල්පිණී ශ්‍රීයාණි අමරසේන වෙත මෙවර ප්‍රදානය කෙරිණී. 2018 වසරේ තිරගතවු චිත්‍රපට 26 ක හා ටෙලිනාට්‍ය 19 කින් තෝරා ගත් ශිල්පීන්ට ශිල්පිණියන්ට මෙහිදි සම්මාන ප්‍රදානය කෙරිණි. 2018 වසරේ සිනමාවේ නිර්මාණශීලී හොඳම නළුවා ලෙස සිග්නීස් සම්මානයෙන් පිදුම් ලැබුවේ ‘මැතිව් චිත්‍රපටයේ‘රඟපෑ ඇලස්ටන් කොච් ය. නිර්මාණශීලී හොඳම නිළිය ‘දැවෙන විහඟුන්‘ චිත්‍රපටයේ රඟපෑ අනෝමා ජනාදරී ය.

නිර්මාණශීලී හොඳම ටෙලිනාට්‍ය නළුවාට හිමි සම්මානය ‘කූඹීයෝ ‘ ටෙලි නාට්‍යයේ රඟපෑ තුමිඳු දොඩන්තැන්නට හිමි වූ අතර වසරේ නිර්මාණශීලී හොඳම ටෙලිනාට්‍ය නිළිය ලෙස ප්‍රවිණ රංගන ශිල්පිනි චාන්දනි සෙනවිරත්න සහ නවක රංගන ශිල්පිනි කළණි දොඩන්තැන්න නිර්දේශ විය. ඒ‘සහෝදරයා‘ ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙනි. එහිදි තම ප්‍රථම රංගනයෙන්ම හොඳම නිළිය ට හිමි සම්මාන දිනා ගන්නට කළණි දොඩන්තැන්න සමත් වීම මෙවර සම්මාන උලෙළේ විශේෂත්වයක් විය .

වසරේ නිර්මාණශීලී හොඳම සිනමා නිර්මාණය වූයේ අර්ජුන කමලනාත් නිෂ්පාදනය කළ ‘ඝරසරප‘ චිත්‍රපටයයි. වසරේ නිර්මාණශීලි අධ්‍යක්ෂණයට හිමි සම්මානය එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ජයන්ත චන්ද්‍රසිරිට හිමි විය.

වසරේ නිර්මාණශීලී හොඳම ටෙලි නාට්‍ය වූයේ අසංක දොඩන්තැන්න නිෂ්පාදනය කළ ‘කූඹීයෝ‘ ටෙලි නාට්‍යයි. එය අධ්‍යක්ෂණය කළ ලක්මාල් ධර්මරත්න නිර්මාණශීලී අධ්‍යක්ෂණයට හිමි සම්මානය ලබා ගත්තේය.

අනෙකුත් සම්මාන ලබාගත් ශිල්පීන් හා ශිල්පිණියන් මෙසේය. සිනමාවේ හොඳම සහය නළුවා සුදම් කටුකිතුලේ (මධුර චාරිකා), හොඳම සහය නිළිය සමනලී ෆොන්සේකා (දැවෙන විහඟුන්) , හොඳම ටෙලි නාට්‍යය සහය නළුවා කළණ ගුණසේකර (කූඹියෝ), හොඳම සහය නිළිය යශෝධා රසඳුනි (තාත්තා) , නිර්මාණශීලි තිරරචනය ජයන්ත චන්ද්‍රසිරි (ඝරසරප), හොඳම තිරරචනය (ටෙලිනාට්‍ය) ලක්මාල් ධර්මරත්න, දමිත චන්ද්‍රසිරි (කූඹියෝ), නිර්මාණශීලි සංගීත අධ්‍යක්ෂණය, ගී තනු නිර්මාණය චින්තක ජයකොඩි (ඝරසරප) , නිර්මාණ ශීලි ගායනය ඉනෝකා අහංගම (යශෝධරා), නිර්මාණශීලි ගීපද රචනය ජයන්ත චන්ද්‍රසිරි ( ඝරසරප), නිර්මාණශීලි සංගීත අධ්‍යක්ෂණය ටෙලිනාට්‍යය රෝහණ ධර්මකීර්ති (තාත්තා), නිර්මාණශීලි ගායනය ටෙලි නාට්‍යය මිහිඳු ආරියරත්න (විසුවියස් කඳුපාමුල), නිර්මාණශීලි ගීපද රචනය කුමාර ලියනගේ (තාත්තා) , නිර්මාණශීලි කැමරාකරණය චන්න දේශප්‍රිය (යශෝධරා), නිර්මාණශීලි කලා අධ්‍යක්ෂණය බිමල් දුෂ්මන්ත (යශෝධරා), නිර්මාණශීලි සංස්කරණය ටෙලිනාට්‍ය සම්පත් වන්නිආරච්චි (තාත්තා), නිර්මාණශීලි කැමරාකරණය ටෙලිනාට්‍යය ස්ට්‍රයිනර් ඇඩම්ස් (කූඹියෝ), නිර්මාණශීලි අංඟරචනය වසන්ත පූර්ණවංශ (කෝමාලි කින්ග්ස්), නිර්මාණශීලි ශබ්ද වින්‍යාසය රුවන් මාරසිංහ (යශෝධරා), විශිෂ්ටතය විශේෂ දෘශ්‍ය ප්‍රයෝග චත්‍ර වීරමන් (යශෝධරා), නිර්මාණශීලි කුසලතා ඇගයීම් සහතිකය නදීශානී හෙන්ඩර්සන් (උඳුම්බරා), නිර්මාණශීලී අංඟරචනය ටෙලිනාට්‍යය හර්ෂ මංජුල (සහෝදරයා), නිර්මාණශීලි ශබ්ද වින්‍යාසය ටෙලිනාට්‍යය ඉන්දික සිසිර කුමාර (තාත්තා), නිර්මාණශීලි කුසලතා ඇගයීම් ටෙලිනාට්‍යය රන්දිමා ප්‍රනාන්දු පුල්ලේ (විසුවියස් කඳුපාමුල), සුසිරි ප්‍රනාන්දු (විසුවියස් කඳුපාමුල) .

Comments