
මුහුණට මුහුණ විශේෂාංගයට මෙවර එක්වන්නේ ස්වාධීන රූපවාහිනියේ සතියේ දින පහේ රාත්‍රි 8.30ට විකාශය කෙරෙන නෙතූ ටෙලිනාට්‍යයේ සේනාධීර (ලාල් කුලරත්න) ජයතිස්ස (ප්‍රියන්ත සෙනෙවිරත්න) කලාකරුවන්. ඔවුන් දෙදෙනාම ගුරු වෘත්තියේ නියැළෙන්නන්. මේ දෙදෙනා නෙතූහි රඟ දක්වන චරිත ගැන රසඳුනට මෙසේ අදහස් දැක්වුවා.
ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රියන්ත සෙනෙවිරත්න
ඔහු තුළ සැඟව තිබෙන වේදිකාව මත මුදාහරින රංගන පෞරෂය ඇත්තටම විශිෂ්ඨය. ප්‍රහසනය යන්න සෑම කෙනෙකුටම කළ හැකි දෙයක් නොවන බව ඔහුගේ රංගනය දකින ඕනෑම පේක්ෂකයකුට තේරුම් යයි. පබළු, මගේ මිනිසා, එතුමයි මෙතුමයි, ඉසුරු බවන, සිකුරු හතේ, උත්තමාවි, මා ඝාත, කීර්ති දේශය, චන්න කින්නරී ආදි වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, චිත්‍රපට, යන කේෂත්‍ර තුළ එකසේ හපන්කම් දක්වන මේ රංගන ශිල්පියා ප්‍රියන්ත සෙනෙවිරත්නය.
මොනවද මේ දවස්වල අළුත් තොරතුරු..?
ස්වාධීන රූපවාහිනියේ නෙතූ ටෙලිනාට්‍යයේ ජයතිස්ස කියන රජයේ කාර්යාලයක සේවය කරන ලිපිකරුවකුගේ චරිතය නිරූපණය කරනවා. පැහැසරා, ඔක්කොම හොඳටයි, ටෙලිනාට්‍ය දෙකේත් රඟ පානවා.ඒ හැරුණු විට ගුරුවෘත්තිය කරගෙන යනවා.
කොහොමද..නෙතූට ලැබෙන ප්‍රතිචාර..?
හරිම ඉහළයි. මෙය වෙනදාට වඩා වෙනස් වු චරිතයක්. සාමාන්‍යයෙන් රාජ්‍ය සේවයේ යෙදෙන ඇතැමුන්ගේ ගති ලක්ෂණ මේ චරිතයෙන් නිරූපිතයි. මාත් රාජ්‍ය සේවකයෙක් නිසා එය කිරීමට පහසු වුණා.
සේනාධීරගේ (ලාල් කුලරත්න) චරිතය ගැන මොකද හිතෙන්නේ..?
සේනාධීර කියන්නේ අපේ ප්‍රධාන ලිපිකරු මහත්මයා. ඔහු මේ චරිතය හොඳින් නිරූපණය කරනවා.
මොකද හිතෙන්නේ ...ඔහුගේ රඟපෑම ගැන..?
ලාල් අයියා රඟපාන්නෙ ඔහුටම ආවේනික ක්‍රමයකින් . එය හරිම තාත්විකයි. දෙබස්, උච්චාරණය පවා හරිම තාත්විකයි.
ඔබ දෙදෙනා හොඳ මිතුරන්ද..?
ලාල් අයියා ප්‍රවීණයෙක්. ඔහු හා මාගේ ඇසුර වසර 25කට වැඩියි. එදා ඉඳන් අදවනකම් අපි හොඳ මිතුරන්.
ඔහුගේ රංගනයේ ඔබ දකින දුර්වලතා තිබෙනවාද..?
කිසිම දුර්වලතාවයක් නෑ.හොඳ පුද්ගලයෙක්.
ඔබ කැමැතිම ටෙලිනාට්‍ය හා චිත්‍රපටය..?
ගිරිරාජ් කෞෂල්‍යගේ සිකුරු හතේ චිත්‍රපටයට කැමැතියි. පබළු ටෙලිනාට්‍යයටත් කැමැතියි.
කැමැතිම රංගන ශිල්පියා සහ ශිල්පිණිය?
ඩී.ආර් නානායක්කාර, ස්වර්ණා මල්ලවආරච්චි
ඔබ ප්‍රවීණයෙක්.... මෙගා නාට්‍ය ගැන මොකද හිතෙන්නේ..?
අපි තවමත් මෙගා නාට්‍ය කේෂත්‍රයට ආධුනිකයන්. මෙයට වඩා ප්‍රමිතියෙන් කරනවානම් මෙගා නාට්‍යවල වරදක් නෑ.
මෙතෙක් රඟපාන්න නොලැබුණු චරිත තිබෙනවාද..?
මම කැමතියි..මම වගේ රඟපාන්න
ඉදිරි වැඩ මොනවාද..?
ටෙලි නාට්‍ය හා චිත්‍රපටවලට ආරාධනා ලැබී තිබෙනවා. ජාතික රූපවාහිනියෙන් රියැලිටි ඩ්‍රාමා එකකට ආරධනා ලැබුණා. පිටරට සංචාර කිහිපයකටද යෑමට බලාපොරොත්තු වෙනවා.
ප්‍රියන්ත එහි සටකපට චරිතයක්
ප්‍රවීණ කලාකරු ලාල් කුලරත්න
දශක දෙකකට වඩා ඔහු සිය නිසඟ රංගන හැකියාවෙන් පේක්ෂකයන් අමන්දානන්දයට පත් කළේය. බට්ටි, එතුමා, නිසලවිල, හෝල්ට්, ලෝචනා, කම්පිත විල, ආදී ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය, චිත්‍රපට යන කේෂත්‍ර තුනටම එකලෙස දස්කම් දක්වමින් වත්මන් දේශපාලන කේෂත්‍රයේද වැදගත් භූමිකාවක් මවයි. ලාංකීය පේක්ෂකයන්ගේ හදබැඳගත් මේ චරිතාංග කලාකරුවා ලාල් කුලරත්නය.
මොනවද මේ දවස්වල අලුත් තොරතුරු..?
ස්වාධීන රූපවාහිනියේ නෙතූ ටෙලිනාට්‍යයේ නෙතූගේ පියාගේ චරිතය නිරූපණය කරනවා. එය ශාන්ත සොයිසාගේ නිර්මාණයක්. එයට අමතරව මා විසින්ම නිෂ්පාදනය කළ ලෙන්ගතු අසපුව ටෙලිනාට්‍ය විකාශය වෙන්න තියෙනවා. වසන්ත මොරගොඩ මහතාගේ එහෙත් එහෙමයි ටෙලිනාට්‍යයේ රූගතකිරීම් සිදුවෙනවා. එයට අමතරව ප්‍රහසන පිටපත් රචනයේ යෙදෙනවා.
නෙතූ ටෙලිනාට්‍යයේ සී.සී මහත්තයාගේ චරිතය කෙබඳුද..?
වයසට වඩා තරුණවෙන්න හදන පියකුගේ චරිතයක් (හරියට අපි වගේ). තරුණ වෙන්න ගිහින් මූණ දෙන්න සිදුවන කරදර එමටයි. හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කතාව ඉස්සරහට තවත් ලස්සනයි.
මෙහි ජයතිස්සගේ චරිතය (ප්‍රියන්ත සෙනෙවිරත්න)ගැන මොකද හිතෙන්නේ..?
සට කපට ලණු දෙන,ගිනි දෙන චරිතයක්.
එම චරිතය නිරූපණය කරන ප්‍රියන්ත ඔබගේ මිතුරෙක්ද..?
ඔව්...අපි අවුරුදු 25ක පමණ සිට හොඳ මිතුරන්. අපි දෙන්නාම වෘත්තියෙන් ගුරුවරු.ජයලත් මනෝරත්නගේ ගුරු තරුව වේදිකා නාට්‍යයේ පටන් අපි එකට රඟපානවා.
ඔහුගේ රංගනය ගැන මොකද හිතෙන්නේ..?
ඕනෑම චරිතයක් ඉතාම ඉහළින් නිරූපණය කරන්න ඔහුට හැකියි. එය බොහොම වගකීමෙන් කරනවා. සියලු දෙනා සමගම සහයෝගයෙන් සිටින හොඳ රංගන ශිල්පියෙක්.
ප්‍රියන්තගේ දකින දුර්වලතා තියෙනවද..?
අවංකවම නෑ..අපි දෙන්නම වගකීමක් දරණ රැකියාවල නිරතවන්නන්. හැබැයි .අසාධාරණයට ටිකක් තරහා යනවා. ඒක දුර්වලකමක් නෙමෙයි.
ඔබ ප්‍රියකරන ටෙලි නාට්‍ය හා චිත්‍රපට ගැන දැනගන්න කැමතියි..?
ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස්, ධර්මසිරි බණ්ඩාරනායක, ධර්මසේන පතිරාජ, ප්‍රසන්න විතානගේ, හඳගම වැනි නිර්මාණ ශිල්පීන්ගේ චිත්‍රපටවලට කැමතියි. ඳඩුබස්නාමානය, කඩුල්ල, ටෙලි නාට්‍ය හොඳ නිර්මාණ.
කැමතිම රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් සිටිනවද..?
මම කැමැතියි පුණ්‍යා හීන්දෙණිය, අනුලා කරුණාතිලක, ගාමිණි ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, යන කලාකරුවන්ගේ රංගනයට.
ඉදිරි බලාපොරොත්තු මොනවාද..?
කලාකරුවන්ට අතහිත දෙන ගමන් හොඳ නිර්මාණ ලැබුනොත් රඟපාන්න බලාපොරොත්තු වනවා. පළාත් සභා මන්ත්‍රිවරයෙක් ලෙස වසර 5ක් හිටියත් මා බලාපොරොත්තු වු දේවල් ජනතාවට කරන්න ලැබුනේ නෑ. ඉදිරියට යහපත් වටපිටාවක් ලැබුනොත් දේශපාලනයේ නිරතවනවා.