
වේදිකා, ටෙලිනාට්‍ය, ගීත ගායනය, යන අංශ තුනටම එකලෙස හපන්කම් පෙන්වයිනම් ඔහු සැබෑම දක්ෂයෙකි. එවන් දස්කම් රැසකින් යුත් රංගන ශිල්පියෙක් ලෙස සම්පත් ශ්‍රි සෙනෙවිරත්න හැදින්විය හැකිය. වසර 33ක් කලාවේ නියැළෙමින් විවිධ ආකාරයේ රංගනයේ යෙදෙන මේ කලාකරුවා පසුගියදා සාහිත්‍ය මහා කලා උත්සවයේදී කලා භූෂණ සම්මානයෙන්ද පිදුම් ලැබීය.
ඔබ මහනුවරින් පැමිණි කලාකරුවෙක්?
1983 මහනුවර ලේක් සමාජ ශාලාවෙන් තමයි ගායකයෙක් විදිහට මුලින්ම කලා කේෂත්‍රයට පිවිසෙන්නේ. පසුව 1985 සිට ටෙලිනාට්‍ය කේෂත්‍රයට පිවිසෙනවා. එයට පෙර වේදිකා නාට්‍ය රැසක රඟපෑමට අවස්ථාව ලැබුණා.
ගායකයෙක් රංගන ශිල්පියෙක් බවටපත් වුයේ කෙසේද?
ගායකයෙක් විදිහට කේෂත්‍රයට පැමිණ පසුව රංගන ශිල්පියකු වුවත් අදටත් මම ගීත ගායනා කරනවා. මම ගුවන්විදුලියේ සරළ ගී අංශයේ බී ශ්‍රේණියේ ගායකයෙක්.1985 ආරම්භකළ සුන්දර රාත්‍රිය ඒකපුද්ගල ප්‍රසංගයෙන් ප්‍රසංග වේදිකාවට පැමිණියා. දැනට ප්‍රසංගවාර 51ක් පවත්වා තිබෙනවා. ගීත ගායනයට විදේශ සංචාර සඳහාද සහභාගි වනවා. පසුගිය කාලයේ තිරගත වු සුපිරි අන්දරේ සිනමාපටයේත් ගීතයක් ගායනා කළා. දැනට සී.ඩී තැටි කිහිපයක්ම කර තිබෙනවා. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ කිරිකඳුළේ මහිමය සී. ඩී තැටිය මාගේ ජන්ම දිනය වෙනුවෙන් නිකුත් කළා. එයට රත්න ශ්‍රි විජේසිංහ, අසෝකා එම්. හේරත්, අජිත් ලාල්, සුරංජිත් ආරියවංශ, සරත් චන්ද්‍රදාස ප්‍රනාන්දු යන ප්‍රවීණයන් ගීත රචනාකර තිබෙනවා.
ඔබ වේදිකා නාට්‍ය කලාවටත් දස්කම් දක්වා තිබෙනවා නේද?
මම.. වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක් ලෙස 1983දී මේ ගමන ආරම්භකළා. පළමුවෙන්ම ජාතික නාට්‍ය උළෙලේ වර්ණ නාට්‍යයෙන් පසුව වැනීසියේ වෙළෙන්දා, මානවයා, අහස් නෑයෝ, වැනි වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායකවී තිබෙනවා.
වේදිකාවෙන් රූපවාහිනියට පැමිණි ගමන්මග ගැන දැනගන්න කැමතියි?
රංගන ශිල්පියකු ලෙස 1985දී ටෙලිනාට්‍ය කේෂත්‍රයට අවතීර්ණ වෙනවා. නිශාන්ත අල්විස්ගේ පහන් තරුව, ජයන්ත චන්ද්‍රසිරිගේ වෙදහාමිනේ, වැනි ටෙලිනාට්‍යවලින් ආරම්භකර පසුව උතුම් පැතුම්, මරුවැල, බිම්මල්, ගෞතමි, කතරක සෙවණැලි, හිරු තනිවෙලා, පබා, සිහින අරන් එන්න, වැනි ටෙලිනාට්‍ය 95කට රංගනයෙන් දායකවී තිබෙනවා.
ඔබ අද වනවිට දක්ෂ චිත්‍රපට නළුවෙක්?
වේදිකාවෙන්, රූපවාහිනියටත්,පසුව සිනමාවටත්, ගමන්කළ රංගන ශිල්පියෙක් මම. දැනට චිත්‍රපට 32කට පමණ රංගනයෙන් දායකවී තිබෙනවා.
වෙෙළඳ දැන්වීම් කලාවේත් ජනප්‍රිය චරිතයක් වෙලා?
ඔව්..මා පෙනීසිටින වෙළෙඳ දැන්වීම් ගණනාවක්ම නාළිකා කිහිපයකම දකින්න පුඵවන්. ඒවාට පේක්ෂකයන් බොහොම කැමැති බව මග තොටේදි ලැබෙන ප්‍රතිචාරවලින් තේරෙනවා.
පසුගියදා ලැබුණු සම්මානය මොකද්ද?
සාහිත්‍ය මහා කලා උත්සවයේදී කලා භූෂණ සම්මානය හිමිවුවා. ඒ ගායනය හා රංගනය වෙනුවෙන් කළ සේවය අගයකොට. එයට පෙර යෞවන සම්මාන, රාජ්‍ය සම්මාන ආදි සම්මාන රැසකින් මහනුවරින් පිදුම් ලබා තිබෙනවා.
ඔබට කේෂත්‍රයට එන්න අතදුන් පිරිස ගැන සිහිපත් කළොත්?
සනත් නන්දසිරි, නැසී ගිය ජයතිස්ස හෙට්ටිආරච්චි, බර්මින් ලයිලි ප්‍රනාන්දු, නිල්වලා උපුල් ජයසිංහ, ලලිත් වසන්ත, සඳුන් රාජකරුණා, ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු, සරත් වික්‍රම, ආනන්ද පෙරේරා, ඇතුළු පිරිස මට කලා කේෂත්‍රයට එන්න අතදුන් කලාකරුවන්. සිහ ශක්ති ආනන්ද පෙරේරා ප්‍රමුඛ කණ්ඩායම ප්‍රසංග 51ටම සංගීතය සැපයුවා. මම කැමැතියි නවකයන්ට අත දෙන්න, 110/01, කල්්ෙදමුල්ල පාර, මොරටුව. 071-3002039 මා ඇමතිය හැකියි.
රාග ගිනි දොරට වැඩුම 31දා
ආචාර්ය නිහාල් රංජිත් ජයතිලකගේ අලුත්ම සාහිත්‍ය නිර්මාණ වු සරසවි ප්‍රකාශන ලෙස මුද්‍රිත රාග ගිනි කෙටිකතා පොත ජනගත කිරීම හා කඩියා නව කතාව ගැන කෙරෙන කතිකාව ලබන 31 අඟහරුවාදා සවස 4.00ට කොළඹ 07, නිදහස් මාවතේ, ජාතික ප්‍රස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදි සිදු කෙරේ.
අජිත් ගලප්පත්තිගේ ‘පනස් හයේ රේඛාව‘ අද එළිදකී
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ රේඛාව චිත්‍රපටයට වසර 60ක් පිරීම නිමිත්තෙන් සිනමා විචාරක අජිත් ගලප්පත්ති විසින් රචිත පනස් හයේ රේඛාව නම් පර්යේෂණ ග්‍රන්ථය අද (29) දින සවස 6.30ට කොළඹ රීගල් සිනමාහලේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වේ.
අලි කතාව ළඟදීම
මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ අලි කතාව ළමා චිත්‍රපටය ළඟදීම ඊ.ඒ.පී මණ්ඩලයේ සිනමාශාලා 50ක තිරගත කෙරේ. රාජු නම් වු අවුරුදු දෙකහමාරක පමණ අලි පැටවකු වටා ගෙතී ඇති මේ කතාව රචනා කර ඇත්තේ ගඟ අද්දර චිත්‍රපට කතාව රචනා කළ අභාවප්‍රාප්ත ලෙටීෂියා බොතේජු විසිනි.
අලි පැටවා සමඟ කෞෂල්‍යා ප්‍රනාන්දු සමග යොහානි හංසිකා ප්‍රධාන ළමා චරිත නිරූපණය කරන අතර සෙසු චරිත රඟපාන්නේ රවීන්ද්‍ර රන්දෙණිය, ධනංජය සිරිවර්ධන, තාරුකා වන්නිආරච්චි, දුලීකා මාරපන, ගිරිරාජ් කෞෂල්‍ය, රොඩ්නි වර්ණකුල, කුමාර තිරමාදුර, සරත් කොතලාවල, විල්සන් ගුණරත්න, දීපානි සිල්වා යන කලාකරුවන්ය.
දුටු ගැමුණු 31දා ටවර් රඟහලේදී
දේශකලා කීර්ති, කලා භූෂණ, අයිරාංගනි කළුතන්ත්‍රිගේ දුටු ගැමුණු නව නිර්මාණ වේදිකා නාට්‍ය ලබන 31දින සවස 2.30සහ 6.30ට මරදාන ටවර් රඟහලේදි වේදිකාගත කෙරේ. දිළිඳු ඒකනායක, නාලන්ද කුලරත්න, සුරංග වික්‍රමසිංහ, රොහාන් සේනානායක,විමල් අශෝක,මිල්ටන් ජයතිලක, ගයාන් චතුරංග, සමන් පුෂ්පවර්ණ, අසිත කුමාර, මේනකා සිංහරාගේ, ධනුෂික, රාජකරුණා, අශානි සෙනෙවිරත්න, යමුනා සුභාෂිනී, සිසිර ජයකොඩි, චාමර ගජවීර, අසංක සොයිසා රංගනයෙන් දායකවන අතර අශානි සෙනෙවිරත්න, ඩිලාන් චන්ද්‍රරත්න, ප්‍රධාන චරිත නිරූපණය කරති. - සමන්ති
ගොඩ්ප්‍රි පිගේරා කලාභූෂණ සම්මාන ලබයි
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සංවිධානය කළේ 2016 රාජ්‍ය සම්මාන උළෙල පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණ සේවා සභාවේ ‘ශ්‍රී ලංකා යුත්’ රඟහලේදී පැවැත්විණි.එහිදී වාද බයිලා ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ඒ.ගොඩ්ප්‍රි පිගේරා මහතා ‘කලා භූෂණ’ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබිය. සේයාරුවෙන් දැක්වෙන්නේ ඔහු සම්මානය ලබා ගන්නා අයුරුය.