
ඇයගේ හිනාවට, කතාවට හැමෝම ආදරේ කළේ ඇගේ දඟකාරකම නිසාය. දීර්ඝ කාලයකට පස්සේ ඇය ආයෙත් රූපවාහිනී තිරය ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට ඇවිත්. ඒ ශාන්ත සොයිසා අධ්‍යක්ෂණය කරන ‘නෙතු’ටෙලි සිත්තම හරහාය. වත්සලා දියලගොඩ නම් වූ ඇය නෙතු හි ‘ත්‍රිලක්ෂි’ ය.
• ඔබව මේ දකින්න ලැබුණේ අවුරුදු කීයකට පස්සෙද?
අවුරුදු 4 ට පස්සේ
• ගොඩක් කාර්යබහුල ඇති නේද ?
ඔව් ඉතිං ගොඩක් කාලෙකට පස්සේ කාර්ය බහුල වෙලා තියෙනවා. පෙෳද්ගලික ජීවිතේ වැඩත් එක්ක කලා ජීවිතේ වැඩත් එක්ක මේ දවස්වල කාර්යබහුලයි.
• අලුත් නිවෙසකට ගියා කියලා ආරංචියි
ඔව් ඔව්.අපි අලුත් ගෙයක් ගත්තා බත්තරමුල්ලෙන්. හස්බන්ඩ්ගේ වගේම බබාගේ වැඩ වලට පහසු නිසයි ඒ පැත්තෙන් ගත්තේ. ඉතිං ගොඩක් සතුටින් ඉන්නේ ඒ නිසා.
• මේ දිනවල විකාශනය වන අලුත්ම ටෙලි නිර්මාණය ගැන කතා නොකරම බෑනේ
‘නෙතු’ ගැන මේ දවස්වල හැමෝම කතාවෙනවා. මම අවුරුදු 4 ට පස්සේ රංගනයෙන් දායක වුණු පළමුවැනි ටෙලි නාට්‍යය. ඉතින් ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
• රංගනයෙන් ඈත් වෙලා හිටිය කාලය වැඩි නැද්ද ?
බබා නිසා තමයි ඇත්තටම නිර්මාණ භාර ගත්තේ නැත්තේ. ඒ කාලය පුරාම එයත් එක්ක මට ඉන්න ඕන වුණා. පොඩි දරුවකුගේ අම්මා කෙනෙක් වෙලා ඉඳිද්දී ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන එක ලේසි පහසු කාර්යයක් නෙමෙයි. ඒ නිසා ඒ කාලය මම බබා එක්ක හිටියා. මගේ චූටි දූ හිතෛෂි වෙනායා. දැන් එයාට අවු. 3යි. එයා දැන් pre-school යනවා.
• ෂූටින් යද්දී එයා අම්මව සොයන්නේ නැද්ද?
දැන් ටිකක් එයාට පොඩි පොඩි දේවල් තේරෙනවා. මම කොහෙහරි යනවා නම් එයා හැම වෙලාවම අහන්නේ, ‘අම්මා TV එකටද යන්නේ’ කියලා.හැබැයි මම ෂූටින් වලට ගියත් මම කෝල් කරනවා.ඒ නිසා එයා එහෙම සොයන්නේ නෑ.
• නිවේදිකාවක් විදියට නැවත වැඩ කරන්න අදහසක් නැද්ද ?
බබා හම්බවෙන්න ළංවෙනතුරුම මම නිවේදිකාවක් විදියට හිටියා.ඊට පස්සේ එයින් අයින් වුණා. තාම ඒකට ආරාධනාවක් ලැබුණේ නැහැ. ඉදිරියේදී හොඳ ආරාධනාවක් ලැබුණොත් අනිවාර්යෙන්ම නිවේදිකාවක් විදියට දකින්න පුළුවන් වෙයි.
• ඔබට පස්සේ ක්ෂේත්රයට ආපු නංගි ඔබට වඩා ගොඩක් ඉදිරියට ගිහින්.
මම ගෙදර හිටිය කාලේ එයා වැඩ කළා. එයා අද ක්ෂේත්රයේහොඳ නමක් හදාගෙන ඉන්නවා. ඒ ගැන ආඩම්බරයි. එයා ආපු ගමන ගැන සතුටුයි.
• සමහරුන් නම් පවුල් ජීවිතයි,රංගන ජීවිතයි පටලවාගෙන වැඩ කරනවා.
මම කොහොමවත්ම කැමැති නැහැ මගේ කලා ජිවිතය නිසා මගේ පෞද්ගලික ජිවිතයේ දේවල් මඟ හැරෙනවට. ඇත්තටම බොහොම කල්පනාකාරීව තමයි මේ හැමදේම මම කරගෙන යන්නේ. ඒ කටයුතුවලට ප්‍රසංගගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මම නැති අඩුව ලොකුවට දැන්නේනේ නැති වෙන්නයි වැඩ කරන්නේ. ඒ නිසා මම ඒ දෙක පටලවා ගෙන නැහැ.
• රංගනයට අමතරව තවත් වැඩ කටයුතු නිසා කාර්ය බහුලයිලු නේද ?.
දැනට මම රුපලාවන්‍ය නිෂ්පාදනයක තානාපතිවරියක් විදියට වැඩ කරනවා. ඒකේ දේවලුත් එක්ක කාර්යබහුලයි.