මම හැමෝම ආශ්‍රය කරන්නේ අතේ දුරින් | සිළුමිණ

මම හැමෝම ආශ්‍රය කරන්නේ අතේ දුරින්

හා හා පුරා කියලා මේ අවුරුද්දේ රසඳුනෙහි කවරය හැඩ කරන්නේ ශ්‍රී ලාංකේය රංගන ක්ෂේත්‍රයට පෑයු සුන්දර දඟකාර පෙනුමක් තියෙන නිරුපිකාවක් වූ පියුමි ශ්‍රීනායක ගේ රුවිනි.ඉතිං ඇයව අපේ සංවාදයට එකතු කර ගන්න අදහස් කළා. ඇයත් බොහොම කැමැත්තෙන් සංවාදයට එකතු වුණේ මෙහෙමයි.

නම: පියුමි ශ්‍රීනායක
උපන් දිනය : ජූලි 18
පාසල : කරුණාරත්න බෞද්ධ විද්‍යාලය
ගම : කඳාන
ක්ෂේත්‍රයට ඔබ එන්නේ ? නිරූපිකාවක් විදියට.
කොච්චර කාලයක් වෙනවද මේ ක්ෂේත්‍රයට ඇවිත්? දැනට අවුරුදු 4 යි

කොහොමද නිරුපණයට සම්බන්ධ වෙන්නේ

‘2014 අචද එචර ඉභනඥප ර්ධඤඥත’ කියන පැජෙන්ට් එකෙන් මට මිනි ටයිට්ලස් 02 ක් ජයග්‍රහණය කරන්න අවස්ථාව උදා වුණා. ඒ ර්ඪඵඵ ටඪබදඥඵඵ ර්ධඤඥත සහ ර්ධඵබ නධනභතචප ර්ධඤඥත. ඒ පැජෙන්ට් එකෙන් පස්සේ තමයි ඊධන ර්ධඤඥත කෙනෙක් වෙන්න ලැබුණේ. එදා ඉඳන් මේ වෙනතුරුත් නිරූපණ ක්ෂේත්‍රයේ රැඳී සිටිනවා.

රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ?

මම නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න අතර තුරෙදී ෆේස් බුක් එකෙන් සුසිල ප්‍රඩක්ෂන් එකේ වැඩ කරන සුදාර ඩි සිල්වා මට කතා කළා, අලුතින් පටන් ගන්න ටෙලි නාට්‍යකට චභඤඪබඪධද එකක් තියෙනවා කියලා. එදා මම එකට ගියා,එතැනදී සන්ද්‍යා මෙන්ඩිස් මිස් මාව දැකලා එයාගේ නාට්‍යයේ තියෙන ප්‍රධාන චරිතයකට මාව ගත්තා.ඒ ‘අරුමවන්ති’ කියන ටෙලි නාට්‍යයේ ‘සාරා’ කියන චරිතය.

‘සාරා’ කියන්නේ ඔබේ ජිවිතේ වෙනස් කළ කෙනෙක්

අනිවාර්යෙන්ම.මගේ ජීවිතේට ගොඩක් ළංවුණු චරිතයක්. ඒ චරිතෙට ගොඩක් හොඳ සාධාරණයක් කරන්න හැකියාව ලැබුණා.

මුලින්ම රංගනයේ යෙදෙද් දී අභියෝගයක් දැනුණේ නැද්ද?

ඹ්ධජචබඪධද එකට ගිය පළමුවැනි දවසේ ප්‍රවීණ රංගන ශිල්පීන් දකිද්දී බය හිතුණා. ප්‍රවීණ රංගන ශිල්පීන් එක්ක එක පාරටම මේ වගේ චරිතයක් කොහොමද රඟපාන්නේ කියන එක මට දැනුණා.

පියුමි නිරුපිකාවක් හෝ නිළියක් නොවුන නම් කවුරු වෙයිද ?

මම වෙන ජොබ්ස් කරන්න කැමැති නැහැ.වෙන දේවල් වලට කිසිම ආසාවක් නැහැ. නිරුපිකාවක් හරි නිළියක් හරි නොවුන නම මම ඩ්ධභඵඥ ඹඪටඥ කෙනෙක් විදියට ගෙදර ඉඳීවී.

ඔබ වැඩිපුර කැමැති ඔබව කවුරු විදියට හඳුන්වනවටද ?

ඇත්තටම මම තාමත් කැමැති නිරුපිකාවක් විදියට හඳුන්වනවට.

ගෙදරින් නිළියක් වෙනවට අකැමැති වුණේ නැද්ද ?

නැහැ.අම්මයි, තාත්තයි ගොඩක්ම කැමැතියි නිළියක් වෙනවට.

මොකද්ද මේ බොලිවුඩයේ සුපිරි තරුවක් සමඟ රඟපාන්න ආසයි කියන කතාව

ඇත්තටම මම ශාරුක් ඛාන් එක්ක රඟපාන්න ගොඩක්ම ආසයි. බොලිවුඩ් සිනමාවට යන්න අවස්ථාව ලැබුණොත් අනිවාර්යෙන්ම යනවා. ඒක මට හීනයක් වගේ.

කලා ක්ෂේත්‍රයේ යාළුවෝ ගොඩක් ඇති නේද ?

ගොඩක් කියලා යාළුවෝ නැහැ. මම අතේ දුරින් හැමෝම ආශ්‍රය කරන්නේ.පාසලේදී හිටිය යාළුවෝ තමයි දැනටත් මගේ හොඳම යාළුවෝ.

මේ ක්ෂේත්‍රය ඇතුළේ පියුමිටත් කැපිලි දාන්න අය ඉන්නවද ?

කැපිලි කෙටිලි ගොඩක්ම එන්නේ යාළුවන්ගෙන්.තමන්ට වඩා තව කෙනෙක් ඉදිරියට යනවට ඒ අය කැමැති නැහැ. මටත් ඒ වගේ කැපිලි කෙටිලි නම් ගොඩක් ඇවිත් තියෙනවා. ඒ නිසා මම හැමෝම ආශ්‍රය කරන්නේ අතේ දුරින්.

රංගනයේ දී මොනවගේ චරිත ද වැඩිපුර රඟපාන්න කැමති?

මම,ඇත්තටම සාමාන්‍ය ජීවිතයේදී බටහිර පෙනුම තියෙන කෙනෙක්. ඒ විදියට අදින පළදින කෙනෙක්.නමුත් මම ගොඩක් කැමති මල් මල් ගවුම් ඇදලා, ගැමි චරිත රඟපාන්න.

විවාහ ජීවිතයත් එක්ක මේ සියලු දේ කරන්නේ කොහොමද ?

ඇත්තටම මම අද මෙතන ඉන්නවා නම් ඒ ඔහු නිසා.සැමියා ගොඩක් කැමති මම මොඩ්ල් කෙනෙක් හෝ නිළියක් වෙනවට. විශේෂයෙන් කියන්න ඕන සැමියා මම යන හැම තැනකම එනවා,මාව ආරක්ෂා කරනවා. මම පවුල් ජීවිතයත්, නිරුපිකාවක්, රංගන ශිල්පිනියක් කියන දේ පටලවාගෙන නැහැ. ඒක මට එහෙම පැටලෙනවා කියන්නත් බැහැ. මේ සියලු දේත් එක්ක ජිවිතේ ලස්සනට ගෙවෙනවා.

වැඩිපුරම කැමැති මොනවගේ ටචඵඩඪධද කරන්නද ?

මම ජාත්‍යන්තර තලයේ හොලිවුඩ්, බොලිවුඩ් එකේ ඉන්න හැම නිළියක්ම, නිරූපණ ශිල්පිනියක්ම අඳින විදියට ගොඩක් කැමැතියි. මමත් ඒ දේවල් තුළින් ගන්න පුළුවන දේ අරගෙන මගේම කියලා ඇඳුම් නිර්මාණය කරගෙන අඳින්න ආසයි. ඒ වගේම මම තැනට සුදුසු විදියට වෙනස්ම විදියකට ටචඵඩඪධද කරන්න කැමැති කෙනෙක්

ලොකුම බලාපොරොත්තුව කිව්වොත්

මම බලාපොරොත්තු වෙනවා රංගන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න. ඇත්තටම මම ගොඩක් කැමැති කවදාහරි දවසක ලංකාවේ ජනප්‍රියම නිළිය සම්මානය ගන්න.

පියුමි, සත්තුන්ට ගොඩක් ආදරේ කරනවා කියලා ආරංචියි

ඔව්. ඇත්තටම මම සත්තුන්ට ගොඩක් ආදරේ කරනවා. සතුන් වෙනුවෙන් මොනවහරි දෙයක් කරන්න තියෙනවා නම් මුලින්ම ඉදිරිපත් වෙන්නේ මම වෙන්න ඇති කියලා හිතෙනවා. පාරේ ඉන්න අසරණ වුණු සත්තු ගෙදර අරගෙන ඇවිත් කන්න දීලා,බෙහෙත් දීලා සනීප කරනවා. ඇත්තටම මම සත්ත්ව හිංසනයට පොඩ්ඩක්වත් කැමැති නැහැ.විශේෂයෙන් කවුරු හරි මට වරයක් දෙනවා නම් කැමති දෙයක් ඉල්ලන්න කියලා, මම ඉල්ලන එකම දේ මුළු ලෝකයම නිර්මාංශ විය යුතුයි කියන එක.

නිලුපුලි නිසංසලා සඳූකැලුම්
ඡායාරූප - ශාන් රූපස්සර

Comments