
හිරු නාළිකාවෙන් මේ දිනවල විකාශය කෙරෙන හඳයා ටෙලිනාට්‍යය ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය ටෙලිනාට්‍යයක්. මෙහි රඟපාන උක්කුත් මාලි අක්කාත් පුංචි දරුවන් ප්‍රිය කරන චරිත දෙකක්.මේ දෙන්නා සැබෑ ජීවිතයේ අම්මයි, පුතයි බව බොහෝ රසික රසිකාවියන් නොදන්නා රහසක්.ඉතින් උක්කුට රඟපාන මෞලි මතීෂ පතිරණ හා මාලි අක්කාට රඟපාන නිමන්ති පෝරගේ මෙවර සඳවට රන්තරු විශේෂාංගයට එක්කර ගත්තේ ඔබ නොදත් බොහෝ දේ කියන්නටයි.
කොහොමද නිමන්ති මේ දවස්වල කලා කටයුතු ...
හිරු නාළිකාවේ හඳයා ටෙලිනාට්‍යයේත්, ස්වර්ණවාහිනියෙ පාරා ටෙලිනාට්‍යයේත් වැඩ කරගෙන යනවා. එයට අමතරව වෙන කලා කටයුතු නම් නැහැ.
හඳයා ටෙලිනාට්‍යයේ මාලි අක්කාට ලැබෙන ප්‍රතිචාර කොහොමද..
ප්‍රතිචාර හොඳයි.මාලි අක්කා ගොඩක්ම ජනප්‍රිය පුංචි දරුවන් අතර. පේළි නිවාසවල ජීවත්වන අසරණ දරුවන්ගේ ජීවිතවලට හව්හරනක් වෙන්න උත්සාහ කරන තරුණියකගේ චරිතයක් තමයි මාලි අක්කාගේ චරිතයෙන් නිරූපණය කරන්නේ.
මෙහි බොහෝ රංගන ශිල්පීන් කුඩා දරුවන්, ඔවුන් සමග රඟපෑම අසීරු නැද්ද..
මුල් කාලයේනම් හඳයා හි රඟපාන දරුවන් එකිනෙකා නොහඳුනන නිසා අපි කියන ඕනෑම දෙයක් අහගෙන හොඳට කළා. දැන් මේ කට්ටිය හොඳ යාළුවන් වෙලා දර්ශන තලයේදිත් සෙල්ලම තමයි. ඒ නිසා දැන්නම් ටිකක් ඒ අයව පාලනය කරන එක අපහසුයි.
ඔබගේ පුතා මෞලි මතීෂ මෙහි උක්කු ලෙස රඟ පානවා. මොකද හිතන්නේ පුතාගේ රංගනය ගැන.....
පුතා පුංචි කමට හොඳට රඟපානවා.පුතාගේ දැන් වයස අවුරුදු දහයයි. එයාගේ ඇඟේ රංගනය හොඳින් තියෙනවා. අපිට කියාදෙන්න කියල කිසිම දෙයක් නැහැ. අඬන දර්ශනයක් වුණත් කවදාවත් ග්ලිසරින් දාල අඬන්නෙ නැහැ. ඇත්තටම අඬනවා.පුතාගේ රංගන හැකියාව ගැන මට ආඩම්බරයි.
අම්මයි පුතයි එකට රඟපාද්දි දෙබස් වරදිනවාත් ඇති නේද..
අපෝ ඔව්. සමහර වෙලාවට පුතා මාලි අක්කේ කියන්නේ නැතිව අම්මේ කියන අවස්ථා තියෙනවා. අපි දෙන්න එකට වැටෙන සීන් කරන්න පුතා ගොඩක් ආසයි. මොකද ගෙදරදීත් මොනව හරි කරන්නනම් සැරෙන් කියන්නම ඕනෙ ඒ වගේ තමයි රඟපාන කොටත් හොඳට කරන්න කියල සැරෙන් කිව්වම අහනව.
පුතා ලොකු වුණහම අම්ම වගේම රංගනය තෝරා ගනියිද..
දැනටනම් පුංචි කමට කියනවා ලොකු වුණහම සයන්ටිස් කෙනෙක් වෙනවා කියල. කොහොමටත් මමත් කැමැති පුතා ලොකු වුණහම පූර්ණකාලීනව රංගනයට සම්බන්ධ නොවී කොහොමද රැකියාවක් කරනවට. මොකද අපේ රටේ රඟපෑම විතරක් කරල ජීවත්වෙන්න අමාරුයි.ඒ වගේම දැන් හැදෙන නිර්මාණත් එදා ඒව වගේ ලස්සන නෑ.
නිමන්ති රඟපාන්නෙ ඔබගේ සැමියා ප්‍රභාත් නිෂ්පාදනය කරන ටෙලිනාට්‍ය විතරමද..
එහෙම විශේෂයක් නැහැ. අපිට ප්‍රඩක්ෂන් කම්පැනිය තියෙනවා.ඒකෙන් නිෂ්පාදනය කරන ටෙලිනාට්‍යවල පමණක් රඟපාන්නෙ දරුවන්ගෙ වැඩත් එක්ක පිටවැඩවලට යන්න තියෙන අපහසුව නිසයි. අපේ ප්‍රඩක්ෂන් වලදී මට දින දීමේ ගැටලු ඇතිවන්නෙ නැහැ.නමුත් හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් භාරගන්නවා.
මේ තීරණය ඔබේ රංගනයට සිදුවන හානියක් නේද..
මම කලාවට සම්බන්ධ වී දැන් අවුරුදු විසි හතරක්. මේවන විට විවිධාකාරයේ ටෙලිනාට්‍ය විශාල ප්‍රමාණයක රඟපා තිබෙනවා. චිත්‍රපට නම් දෙකක පමණයි රඟපෑවේ. දැන් හැදෙන මෙගා ටෙලිනාට්‍යවල නිර්මාණාත්මක පැත්ත අඩුවෙලා. එහෙම එකේ අවශ්‍ය දේ පමණක් දුවගේත්,පුතාගේත් වැඩ කිරීමට කාලය යෙදවීම රඟපානවාට වඩා හොඳයි.
ඔබ මෙගා ටෙලිනාට්‍ය ප්‍රතික්ෂේප කළත් හඳයා කියන්නේ මෙගා ටෙලිනාට්‍යයක් නේද..
හඳයා මෙගා ටෙලිනාට්‍යයක් වුණත් හඳයා ටෙලිනාට්‍යයෙන් සමාජයට විශාල ආදර්ශයක් ලබාදෙනවා. පේළි නිවාසවල ජීවත්වන මිනිසුන්ගේ භාෂාව ගති සිරිත්, ඒ ජීවන රටාවේ වෙනස්කම් ඔවුන් ජීවිත පවත්වාගෙන යන්න කරන අරගලය වැනි සිදුවීම් රැසක් මේ කතාව පුරාවට දිග හැරෙනවා.මේ ටෙලිනාට්‍යයෙන් අපේ ජීවිතවලට බොහෝ දේ ලැබෙනවා.
ඩයලොග් වැරැද්දුවම අම්මා බනිනවා
මෞලි මතීෂ පතිරණගේ
උක්කුට ලැබෙන ප්‍රතිචාර කොහොමද..
හොඳයි. හැමෝම ආසයි. ඉස්කෝලෙ යනකොට ළමයි අහනවා ඔයා නේද හඳයා ටෙලිනාට්‍යයේ උක්කුට රඟපාන්නේ කියා. එහෙම අහනකොටනම් සතුටක් දැනෙනවා.
මතීෂ දිගටම රඟපාන්නද ආසාවෙන් ඉන්නේ..
අපෝ නෑ. මම ලොකුවුණාම සයන්ටිස් කෙනෙක් වෙනවා.ඉඳල හිටල රඟපානවා ආසාවට.
හඳයා මතීෂගේ පළමු ටෙලි නාට්‍යයද..
නැහැ. භාර්යාවෝ, දේදුනු මායා, මිල්ලෑව වළව්ව, වස්සානේ ප්‍රේමය,ටෙලිනාට්‍ය වලත් ආලෝකෝ උදපාදි,ආකර්ශා චිත්‍රපටයේත් රඟපා තිබෙනවා.තව වෙළෙඳ දැන්වීම්වලත් රඟපා තියෙනවා.
කොහොමද පාසල් වැඩත් එක්ක රඟපෑම කරන්නේ.
මගේ පාසල ලයිසියම් ජාත්‍යන්තර පාසල. මම රඟපාන්න යන්නේ සෙනසුරාදා සහ ඉරිදා විතරයි.ඉස්කෝලෙ නොගිහින් රඟපාන්න යන්නෙ නොගිහින් ඉන්න බැරිම වුනොත් විතරයි. එහෙම ගියොත් ඒ පාඩම් යාළුවන්ගෙන් අහගන්නවා.පාසලේ වැඩ අතපසු කරගෙනනම් අම්ම කවදාවත් රඟපාන්න යන්න දෙන්නෙ නෑ.
හඳයා ටෙලිනාට්‍යයේ රඟපාන හැමෝම දැන් මතීෂගෙ යාළුවන්ද..
කසුන් අයියා තමයි ගොඩක්ම යාළු. අනිත් අයත් යාළුවො. අම්මත් ඉන්න නිසා ආසයි. මම ඩයලොග් වරද්දද්දි අම්මා බනිනවා. අපි හරිම සතුටෙන් තමයි මේ ටෙලිනාට්‍යයේ රඟපාන්නෙ.