‘‘දුව සමහර දවස්වල ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවාම පොත් බෑග් එක මේසය උඩ නොතියා දොර ළඟ බිමින් තියනවා. පොත් බෑග් එක බිමින් තිබ්බේ ඇයි කියලා ඇහුවාම එයා කියන්නේ බෑග් එකේ සර්පයෙක් ඉන්නවා කියලා. මම දවසක් දුව එහෙම කීවාම එයාගේ පොත් බෑග් එක හෙමින් ඇරලා බැලුවා. ඒ බෑග් එක ඇතුළේ තුවාල වුණු නයෙක් හිටියා. තවත් දවසක් දුව පන්ති ගිහිල්ලා මගෙත් එක්කම ගෙදරට ආවා. මම ගේ ඇතුළට ගිහිල්ලා ටිකකින් බලන...