අපට නුදුරින් ම ඇත්තේ මාත් රුචි කරන, විමලධීර බොහෝ කතාවල ලියා ඇති නිම් නැති පුරන් වෙල් යාය ය. එහි හැන්දෑවේ කසාවන් හිරු එළිය පැතිරිලා ය. මඳ දුඹුරු පැහැයෙන් යුතු එහි බොරු පන් යායේ ඉඳහිට වෙල් අත්ත සහ දිවි කදුරු ගස් ය. වෙල මැදින් දිවෙන අධි බලැති විදුලිය රැහැන්මත ගී නො ගයන වී කුරුල්ලන් හතර පස් දෙනෙකි. බාගදා බැස යන හිරුගේ වර්ණ ගැන් වූ වලාකුළුවලට උන් නිහඬ ව නිදිමත හැදෙන තුරු ලොබ...