බුද්ධාගම ලෝක ආගමක් ලෙස පිළිගෙන තිබෙන නමුදු එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ අනෙක් ලෝක ආගම් වලට තිබෙන පිළිගැනිම බුද්ධාගමට ලැබුණේ නැත. මේ කරුණ ගැන නැවත නැවතත් මෙනෙහි කළ එවකට නිව්යෝර්ක් බෞද්ධ විහාරාධිපති වූ කුරුණෑගොඩ පියතිස්ස නායක හිමිපාණන් වහන්සේ වෙසක් පෝය දිනය සමස්ත ලෝකයේම නිවාඩු දිනයක් බවට පත්කිරීම කෙසේ හෝ කළ යුතුය යන අධිෂ්ඨානයෙන් යුතුව ඒ පිළිබඳ යෝජනාව පළමුවෙන්ම “නිව්යෝර්ක්...