චාන්දනී තරුණයින් රැළකට මැදිව සිංහයාට මුවා වුණ රූපය දෙස මුණසිංහ රාළහාමි ඇහි පිල්ලමක් නොගහා වික්ෂිප්තව බලාගෙන හිටියා. කවදාවත් දැකල නැති චාන්දනීගෙ මෙම වික්‍රමය පිළිබඳව, මුණසිංහ රාළහාමි තම හිතේ ඇති සන්තාපය දරාගත්තෙ රූපවාහිනි තිරේ ආලෝකයත් එක්ක බොහෝම අසීරුව. ඒ එක්කම අතීතයට හිත අරන් ගිය ඔහු කාකි නිල ඇඳුමත් එක්ක ගෙවපු ජීවිතේ නොයෙක් අහුමුලු හොයන්න පටන් ගත්තා. මිනිස්සුත් එක්ක...