ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන
පහළ මධ්‍ය ආදායම් මට්ටමේ සිටි ශ්‍රී ලංකාව 2019 වසරේ දී ඉහළ මධ්‍ය ආදායම් මට්ටමට පැමිණ ඇතැයි ලෝක බැංකුවේ රටරටවල්වල තත්ත්වය නීර්ණය කිරීමේ වාර්තාවක සඳහන් වේ. ඉහළ මධ්‍ය ආදායම් රටක් වීමට, එහි සිටින පුරවැසියන්ගේ වාර්ෂික ආදායමේ සාමාන්‍ය මට්ටම අමෙරිකන් ඩොලර් 3996 සීමාව පසුකර යා යුතුය. 2019 ජූලි 01 වැනිදා ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ ඒක පුද්ගල දළ ජාතික ආදායම අමෙරිකන් ඩොලර් 4060ක සීමාව...