ක්ෂුද්‍ර ප්‍රාණියකු වන මකුළුවා තමන්ට අත පෙවිය හැකි මානයේ දැලක් වියා එය චලනය වනතුරු කල්බලා සිටී. ඒ යම් තැනක ගොදුරක් පැටලුණු බවට ආරංචියක් ලැබෙන තුරුය. web යන ඉංගිරිසි වචනයෙන් හැඳින්වෙන මේ ක්ෂුද්‍ර ප්‍රාණියාගේ නිර්මාණය අද පෘථුලාර්ථගැන්වී විශ්වය සිසාරා බැඳුණු අදෘශ්‍යමාන මහා දැලකින් කෙරෙන පරිගණකගත තොරතුරු සන්නිවේදන ජාලය හැඳින්වීමට භාවිත කෙරේ. කඩදාසි රෝල් යොදන අඛණ්ඩ මුද්‍රණ ක්...