අද පුවත්පතෙහි ප්‍රකාශ වන විචාර ගැන නම් කතා කිරීම පවා නිෂ්ප්‍රයෝජන ය. එම පුවත්පත් විචාරය වනුයේ කෘතියක හොඳ ප්‍රකාශ කිරීම පමණකි. අඩු ලුහුඩුකම් පෙන්වා දුන්නහොත් ඒ කෘතියේ නිර්මාණකරුවා බොහෝ සේ කලබල වෙයි. පෙරළා එම විචාරය ලියූ පුද්ගලයාට මතු නොව එම ලිපිය පළ කළ පුවත්පතට, පුවත්පතේ බලධරයන්ට පවා විරුද්ධ ව ක්‍රියාත්මක වෙයි.
මගේ පැහැදිලි අදහස වනුයේ මේ රටේ හොඳ සාහිත්‍යයක් කියැවීමට අවශ්...