මෙරටේ පළමු සාහිත්‍ය උලෙළ සංවිධානය වූයේ පනස් හයේ විප්ලවය ලෙස හැඳින්වෙන සමාජ දේශපාලන හා සංස්කෘතික ප්‍රබෝධයෙහි ප්‍රතිඵලයක් ලෙස ය. ඒ අනුව ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සංස්කෘතික දෙපාර්තමේන්තුවක් ආරම්භ වූ අතර 1958 අංක 31 දරන පනතින් ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩලයද බිහිවිය. එදා අගමැතිධුරයට පත්ව සිටි ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ද ඉංග්‍රිසී බසින් කෙටි කථා රචනා කළ බව සඳහන් වේ. ‘නුවර...