මල්පියලි අධිපති ඇ. ලයනල් ද සිල්වා මැයි 1 දා දිවිසැරිය නිමා කළේය
1999 වසරේ ජනවාරි 28 වැනිදා මෙරට ප්‍රකාශන ක්ෂේත්‍රයේ එක් ඓතිහාසික සිදුවීමක් කොළඹ මහවැලි කේන්ද්‍රයේදී සිදුවිය. ඒ එකම ප්‍රකාශන ආයතනයක් මඟින් ලේඛක ලේඛිකාවන් තිස් දෙනකුගේ කෘතීන් එකම දවසකදී එළි දැක්වීමය. පුවත්පත් කතුවරයකු වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර, හිටපු දිනමිණ කර්තෘවරුන් වූ නැසී ගිය දෙල්තොට චන්ද්‍රපාල, මහින්ද අබේසුන්දර, අභාවප්‍රාප්ත ප්‍රවීණ මාධ්‍යවේදී...