‘සිළුමිණ’ පත්‍රයෙන් ලැබූ උත්තේජනය නිසා ඔහු ප්‍රබෝධවත්ව දිගටම කවි ලියා ඇත. පසු කලෙක ඔහුට ලේක්හවුසියේ රැකියාවක් ලබාගැනීමට ද ඒවා බෙහෙවින් ප්‍රයෝජනවත් විය. මෙසේ පත්තර කලාවට පිවිසුණ ඔහුට පත්‍ර කලා ගුරුවරයා වූයේ ‘සිළුමිණ, කර්තෘ වූ එදා කවුරුත් ‘ලොකු සර්’ නමින් හැඳින්වූ පියසේන නිශ්ශංක මහතා බව කුලරත්න බුලත්සිංහලයන් කෘතවේදීව සිහිපත් කරයි. කුලරත්න මුලින් ම බැඳී ඇත්තේ ‘දිනමිණ’ ට ය....