“දුවේ නැගිටින්න පූජාවට යන්න” නැන්දාගේ ඇමතීමට සුවිමාලී අවදි වූවේ උදාසීන ගතියකිනි.
ඇය මෙවන් විටෙක අම්මාගේ කටහඬ අහන්න බලාපොරොත්තු වුණත් ඒ කතා කරන්නේ නැන්දා ය. දෑස පිසදමමින් නැගිටගත් ළමයාට කටුවාපිටිය පල්ලියේ, මැදියම් රැයේ දේව මෙහෙයට නාදවන පළමු සීනු හඬ අසෙයි. නිදා සිටි කාමරයේ දැල්වෙන අඩු ආලෝක විදුලි පහනින් නිකුත් වන මද ආලෝකයෙන් කොටු වී සිටින පුංචි කාමරයේ බිත්ති හතර පෙනෙයි....