වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ දවස ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ සිට මෙරට පැමිණි බ්‍රාහ්මණ කුලයට අයත් ඔහුගේ මුතුන් මිත්තන් එදා සිට කැපවූයේ දෙවියන් උදෙසා සේවය කරන්නට ය. බ්‍රාහ්මණ කුලයට අයත් ඔවුහු කිසිදින මස් මාළු තබා උම්බලකඩ කෑල්ලක් රස බලා නොමැත. නරේන්ද්‍රසිංහ රජු ප්‍රමිලා කුමරිය සරණ පාවා ගැනීමත් සමඟ ඔහුගේ ඥාතීන් මෙරටට පැමිණ ඇත්තේ දේවියට දෙවියන් නැමදීම පිණිස ඉදි කෙරෙන දේවාලයේ...