මෙය පැරණි කතා පුවතකි. බොහෝ සාක්ෂින් හා ලේඛණ සැඟවී ගොසිනි. නැත්නම් විනාශ වී ගොසිනි. එහෙත් ලංකාවේ වාණිජ ගුවන් සේවාවේ මුල් අවදියේ සිදුවීම් හා ඒ ආශ්‍රිත රසවත් කරුණු බොහොමයක් තවමත් මිනිසුන්ගේ සිත්සතන් තුළ නිදන්ව ඇත.
“ඩැකෝටා” නමින් වන ඉතා සුපතළ නාමයක් දැරූ ගුවන් යානාවක් දෙවන ලෝක යුද සමයේ දී දැවැන්ත කාර්යභාරයක් ඉටුකළේ ය. දෙවන ලෝක යුද සමයේ කෙතරම් මෙම DC-3 ගුවන් යානා නිපදවූයේ ද...