2016 විකුණු ඉඩම යළි පවරාගන්න නීතිමය කටයුතු ඇරැඹේ
නිවාස සංවර්ධන අධිකාරිය සතුව තිබූ කොළඹ ඩාර්ලි පාරේ රුපියල් කෝටි 310 ක් පමණ වටිනා ඉඩමක් 2016 දී රුපියල් කෝටි 81 කට විකිණීමෙන් සිදුවූ ගනුදෙනුව නිසා නිවාස සංවර්ධන අධිකාරියට රුපියල් කෝටි 229 ක පාඩුවක් සිදුව තිබේ. එම ඉඩම විකුණා දින පහකට පසුව ඉඩම මිලදී ගත් සමාගම එය කෝටි 65කට වාණිජ බැංකුවකට ද උගස්කර තිබිණි.
මෙම ඉඩම යළි පවරා ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර ඒ...