සුබපල ගෙන දෙන අති ප්‍රබල යෝග 3 මෙන්න ! | Page 4 | සිළුමිණ

සුබපල ගෙන දෙන අති ප්‍රබල යෝග 3 මෙන්න !

ජ්‍යොතිෂවේදී පොලොන්නරුව,

ගාමිණී ජයතිලක බණ්ඩාර

සියලු දෝෂ භංග වී විශිෂ්ට පල ලබා දෙන සුබ නැකත් සාදා ගැනීමට අභිජිත් මුහුර්ථය; ගෝධූලි කාලය හෙවත් ගෝධූලි යෝගය; ඌෂා කාලය ඉතා යෝග්‍යය වේ.

දිනපතා හිරු නැඟී හිරු බැස යන අතර කාලය කොටස් පහළොවකට බෙදා අටවන කොටස අභිජිත් මුහුර්තය ලෙස ගැනෙයි. බදාදා දිනයට අභිජිත් මුහුර්තය භාවිත නොකරයි. දකුණු දිශාවට අදාළව කටයුතු සඳහා ද භාවිත නොකරයි. අභිජිත් මුහුර්තය පවතින කාලය තුළ ඕනැම සුබ කටයුත්තක් සඳහා විපුල පල ප්‍රයෝජන ලබා දෙයි.

ඉහත අයුරින්ම දෝෂ භංග වන යෝගයකි. 'ගෝධූලි යෝගය'. ඉර බැස යාමට විනාඩි දොළහකට පෙර සහ ඉර බැස යාමෙන් පසු විනාඩි දොළහක් වන විනාඩි 24ක කාලය ගෝධූලි යෝගය යෙදෙන කාලයයි. මෙම කාලය තුළ ඕනෑම සුබ කටයුත්තක් කිරීම සුබය. බටහිර දිශාවට අදාළ කටයුතු සඳහා ගෝධූලි යෝගය භාවිත නොවේ.

දිනපතා හිරු උදාවීමට පැය දෙකකට පෙර කාලය තුළ මුල් විනාඩි 24ක කාලය 'ඌෂා කාලය' යි. සුබ කටයුතු සඳහා මෙම කාලය යොදා ගැනීමෙන් විපුල ප්‍රයෝජන හිමි වෙයි. අසුබ තත්ත්වයන් පවතින තිථි දශා ක්‍රමයන් හිදී ද අභිජිත් මුහුර්තය; ගෝධූලි යෝගය හා ඌෂා කාලය ඉතා යහපත් ප්‍රතිඵල ගෙන දෙයි. ජන්ම නැකත පවතින අවස්ථාවකදී වඩාත් යහපත් ප්‍රතිඵල ලබා දෙයි. ඌෂා කාලය නැඟෙනහිර දිශාවට දුර්වලය.

මේ සමඟ ඇති වගුව භාවිතයෙන් අභිජිත් මුහුර්තය; ගෝධූලි යෝගය සහ ඌෂා කාලය යෙදෙන ආකාරය පිළිබඳව ඔබට පැහැදිලි වැටහීමක් ලබා ගැනීමට හැකිය.

 

Comments