
සියලු සුබ කටයුතු සඳහා යොදාගත හැකි අගනා ග්‍රහ බලයක් සහිත විපුල පලදායක සිද්ධි යෝග දෙකක් 2023 සැප්තැම්බර් 06 වැනිදාට යෙදී තිබෙන බව ජ්‍යොතිෂයෙහි සඳහන් වේ.
සැප්තැම්බර් 06 වැනිදා අලුයම 3.39 සිට පස්වරු 3.45 දක්වා අගනා ග්‍රහ බලයක් යෙදී ඇති අතර රවි ග්‍රහයාගේ නැකතක් වන කැති නැකත එදින පෙරවරු 6.02ට සිට පෙරවරු 9.24 දක්වා ද ඉන්පසුව සඳුගේ නැකතක් වන රෙහෙණ නැකත මුළු දවස පුරාවට ද බල පවත්වන නිසා මෙකී දිනය තුළ අරඹන ඕනෑම කටයුත්තක් ඉතා ඉහළම ප්‍රතිඵල ළඟා කර දෙනු ඇත.
සතවක තිථිය එදින පස්වරු 3.45 දක්වා පවතින අතර නැකත හා තිථිය අනුව සිද්ධි යෝග දෙකක් මේ කාල වේලාව තුළ යෙදීම ඉතා දුර්ලභ අතිශය සුබදායක පිහිටීමකි.
සිද්ධි යෝගයක් බල පවත්වන විට වෙනත් දෝෂ භංග වී සුබ පල ලබා දෙන බැවින් ද රවි නොහොත් සූර්යයාගේ බලය ද නොඅඩුව ලැබෙන නිසාත් එමඟින් ඉතා පලදායක සුබ පල ලැබෙන බවද ජ්‍යොතිෂයෙහි සඳහන්ව තිබේ.
මෙදින රාහු කාලය පවතින්නේ දහවල් 12.09 සිට 13.41 දක්වාය. එබැවින් සූර්යයාගේ බලය බෙහෙවින් අවශ්‍ය වන කෘෂිකාර්මික කටයුතුවලට ද මේ දිනය තුළ උදේ වරුව යොදා ගැනීමට පුළුවන. මෙදින පෙරවරු 09.24 දක්වා පවතින නැකත බෙරණ, පුවපල්, පුවසල, නැකත් හිමියන්ට ද රෙහෙණ, හත, සුවණ යන නැකත් හිමියන්ට ද මුවසිරස, සිත, දෙනට යන නැකත් හිමියන්ටද පුනාවස, විසා, පුවපුටුප යන නැකත් හිමියන්ට ද අස්ලිස, දෙට, රේවතී යන නැකත් හිමි අයට ද ගැළපේ.
ඉහත දැක්වූ නැකත්වලින් ඉපිද ඇති අයට රැකියා බාර ගැනීමට, ප්‍රධානීන් හමුවී තම ගැටලු සාකච්ඡා කිරීමට, ආධාර උපකාර ලබා ගැනීමට, ස්වර්ණාභරණ ව්‍යාපාර ආරම්භ කිරීමට ගිවිසුම් අත්සන් කිරීමට, ලේඛන ලියාපදිංචි කිරීමට, රෝග නිවාරණය, ඉක්මන් සුවය ලබා ගැනීම සඳහා වෛද්‍යවරු හමුවීමට මෙන්ම රවි ග්‍රහයා ලග්නාධිපති වූ සිංහ ලග්න හිමි අයට තම අපේක්ෂා මුදුන් පමුණුවා ගැනීමට බෝධි පූජා පවත්වා දෙවියන්ට පින් දී පිහිට ලබා ගැනීමටද සුබ කාල හෝරාවක් වේ.
එදින 9.24න් පසු උදාවන රෙහෙණ නැකත අස්විද, මා, මුල, කැති, උත්‍රපල්, උත්‍රසල, මුවසිරස, සිත, දෙනට, අද, සා, සියාවස, පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකත් හිමියන්ට සීහුම් වනු ඇත. ඒ අයටද කෘෂිකාර්මික භෝග වගාව ආරම්භ කිරීමට අස්වනු නෙළා ගැනීමට කිරි නිෂ්පාදන ක්‍රියාවලියට හරිත ද්‍රව්‍ය ආහාර ද්‍රව්‍ය පිළිබඳ කටයුතු කරන අයට මෙන්ම විදෙස් ගමන් සාර්ථක කර ගැනීම සඳහා ද මෙදින උපකාරී වනු ඇත. එසේම ප්‍රබල සිත් ඇති අය තම කරුණු කාරණාවලට එකඟ කරගැනීමට හැකි වේ. එපමණක් නොව ඔබට වෙනත් ඕනෑම යහපත් කරුණු කාරණාවලට මේ දිනය යොදා ගැනීමෙන් සාර්ථකත්වය ළඟාකර ගත හැකිය.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී, ශ්‍රියා ගනේගොඩ