
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සුදත් රත්නායක
වත්මන් ලෝකය තරමටම දියුණු නොවූ අයිරෝකෝස් ගෝත්‍රිකයන් ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාස තුන තුළ සිහින උත්සව නමින් උත්සව තුනක් පවත්වති.
ඒ කාලය තුළ තම ගෝත්‍රයේ ගැහැනුන් හෝ පිරිමින් කරන නැතිනම් ඔවුන් අතින් දැන හෝ නොදැන සිදුවන වැරදි ගැන කිසිවකු දොස් පවරන්නේ නැත.
එහෙත් මෙම කාල සීමාව තුළ යමෙකුට තමන් දුටු සිහිනය නියමාකාරයෙන් ප්‍රකාශ කරන්නට නොහැකි වී නම් හෝ කියන්නට තරම් මතක හිටින සිහිනයක් නොදුටුවේ නම් එවැන්නන්ට මෙම සිහින උත්සව කාලය තුළ අන් අය වතුර ගැසීම හෝ ගල් ගැසීම සාමාන්‍ය දෙයකි.
මෙවැනි තවත් ගෝත්‍රයක සිරිතට අනුව පිටස්තර කෙනෙක් තම ගෝත්‍රයට ඇතුළත් කරගැනීමේදී එම ගෝත්‍රයේ නායකයා ඊට පෙර දුටු සිහිනය පිළිබඳව අවධානය යොමු කරනු ලැබේ.
ගෝත්‍රයේ නායකයා අලුත් සාමාජිකයා සම්බන්ධයෙන් සුබ සිහිනයක් දුටුවේ නම් ඔහු තම ගෝත්‍රයට බඳවා ගනී. අසුබ සිහිනයක් දුටුවේ නම් ඔහු ගෝත්‍රයට බඳවා ගන්නේ නැත. එලෙස අතීතයේ සිට අවධානය යොමු වූ සිහිනයන් පිළිබඳව ජ්‍යොතිෂයෙහි සටහන් වන්නෙ කෙබඳු ආකාරයෙන්ද යන්න මෙලෙස විග්‍රහ කෙරේ.
මකුණා - නිධන්ගත රෝගයක් ඉස්මතු වීමෙන් දුකට පත් වේ.
මකුළුවා - ආරක්ෂාව උදෙසා කටයුතු සැලසුම් කරන අතරතුරදී අනතුරකට ලක් වේ.
මත්පැන් පානය කරන අයුරු - ඉතා සතුටින් ආරම්භ කළ කටයුත්ත උදවුකරුවන්ගේ මතභේද නිසා කඩාකප්පල් වේ.
මයිනා - තමන් සතු ධනය නිකරුණේ වැය වේ.
මාළු ගෙන එන අයුරු - තම සහෝදරයාට/සහෝදරියට විපතකි.
මාගල - ගොවිතැන් පාළු වීම නිසා කරදරයට පත් වේ.
මාපිලා - විවිධාකාර සතුරු උපද්‍රවවලට මුහුණපාන්නට සිදු වේ.
මැණික් / මැණිකක්- අන්‍යයන් වෙතින් නින්දාවටත්, අපහාසයටත් ලක්වීම නිසා සිත් වේදනා ඇති වේ.
මැඬියා - බොරු චෝදනාවකට ලක්වීමෙන් අපහසුතාවට පත් වේ.
මෑ ඇට - සම දූෂ්‍ය වීම නිසා හොරි, දද, කුෂ්ට වැනි රෝගවලින් පීඩා විඳින්නට සිදු වේ.
මිනී මස් ආහාරයට ගැනීම - ශුභ ආරංචියක් සමඟ බොහෝ වස්තුව ලැබේ.
මියගිය කෙනකු ගෙදරට පැමිණ ආහාර අනුභව කිරීම - නිවසට පෙරේත බැල්මක් තිබේ.
රිදී කාසි / රිදී ආභරණ - හිතවත් ලෙසින් එන වංචනිකයකුට මුළා වීම නිසා ධන හානිය සිදු කර ගනී.
රිදී මාලයක් පැලඳ සිටීම - ධන තත්ත්වය සුබදායක වීම.
රෙදි සෝදන අයුරු - නිධන්ගත රෝගයක් යළිත් මතු වේ.
රෙදි වෙළෙඳ සැලක් / වෙළෙන්දෙක් - සිතට වධ දුන් ගැටලුවක් නිරාකරණය වේ.
ලේ පානය කරන අයුරු - වාසනාවන්ත පුවතක් අසන්නට ලැබේ. ඒ සමඟම ධන ලාභයක් ද ඇති වේ.
වස්සකුගේ මළකුණක් - බලවත් විපතක් සිදු වීම නිසැකය.
වණයක් / කුෂ්ටයක් - විපත් සිදු වීම ඒකාන්තය.
වනචර පුරුෂයෙක් - තමාට බරපතළ කරදරයක් ඇති වේ.
වළක වැටීම - දෙපාවලට හානි සිදුවන අන්දමට අනතුරක් සිදු වේ.
වළඳක් - අලුත් වළඳක් නම් බලාපොරොත්තු ඉටු වේ. දැලි බැඳුණු පරණ වළඳක් නම් බලාපොරොත්තු සුන් වී දුකට පත් වේ.
වැස්සට තෙමීම - අහම්බෙන් මෙන් උරුමයක් හිමි වේ.
විලක් - අන්‍යයන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත් වේ.
මිතුරකුගේ මරණය - එම මිතුරාට යහපත ද, ඔබට අයහපත ද සිදු වේ.
මිතුරකු රෝගීව සිටීම - නුදුරු දිනයක තමාට බරපතළ රෝගයක් වැලඳීමට ඉඩ තිබේ.
මිනිසුන් සී සාන අයුරු - බලාපොරොත්තු සාර්ථක වේ.
මීමකු පිට නැඟී ගමන් කිරීම - ඒකාන්ත වශයෙන්ම විපතක් සිදු වේ.
මුදුව - තරුණයකු විසින් දුටුවේනම් භාර්යා සම්පතකි. තරුණියක විසින් දුටුවේනම් පෙම් පණිවිඩයකි.
මුදල් - බලවත් ආර්ථික දුෂ්කරතාවකට මුහුණ පාන්නට සිදු වේ.
මුදල් නැති වීම - තමාගේ නොමනා කතාවක් නිසා සමීපතම ඥාතීන් සහ මිත්‍රයන් අතර අමනාපකම් ඇති වේ.
මුතු - පිටතින් ලැබෙන ධනයකින් දිළිඳු බව තුරන් වේ.
මුතු මාලයක් - සියලු සැප සම්පත් නොමඳව හිමි වේ.
මුං ඇට - අන්‍යයන් හට පිළිකුල් උපදවන චර්ම රෝග වැලඳීමට පුළුවන.
මූත්‍ර පානය කිරීම - පිය පස වැඩිහිටියකු වෙතින් උරුමයක් ලැබේ.
මොනරා - අසනීපයකින් පීඩා වින්දා නම් ඒ තත්ත්වය නිමා වී සුවපත් වේ.
යමදූතයින් / යමබල්ලන් - මාරාන්තික සිදුවීමක් හේතුවෙන් බලවත් දුකට පැමිණේ.
යමදූතයින් විසින් කෙනෙකු ඇදගෙන යාම - නියත වශයෙන්ම හදිසි මරණයක් උරුම වේ.
යහළුවකු සමඟ දබර වීම - නොසිතූ අයුරින් දුක් කරදර මතු වේ.
යකඩ ගොඩක් - ශෝකජනක ආරංචියක් ලැබේ.
රජුන් - ධනය මෙන්ම ඉහළ තත්ත්වයක් ද හිමි වේ.
රත්‍රන් / රත්‍රන් ආභරණ - කීර්තිය, ධන ලාභ, ජයග්‍රහණ හිමි වේ.
රසවත් ආහාර - සම්පත් මෙන්ම තමන්ගේ කීර්තිය ද වර්ධනය වේ.
රත්‍රන් අනුභව කිරීම - කරන කියන කටයුතුවලින් ජය ලැබේ.
රතු වස්ත්‍රයෙන් සැරසී සිටින අයුරු - අසුබ සිහිනයකි. ලෙඩ දුක්වලින් පීඩාවට පත් වේ.
රන් මාලයක් ගෙල පැලඳ සිටීම - සිටින තත්ත්වයෙන් ඉතා උසස් තත්ත්වයටක පත් වන්නට හැකියාව ලැබේ.
රජකයකු / රෙදි සෝදන්නකු දැකීම - හිතවතකු නිසා පාඩු විඳින්නට සිදු වේ.
රළු ගොරෝසු මතුපිටක නිදා සිටින අයුරු - ඉහළම පදවියකට පත් වේ.
රතු හරකෙක් - තමන් කරන කටයුතුවලින් නොසිතූ අන්දමට දියුණු වීමට හැකි වේ.