MEPA සමඟ ඩයලොග් අත්වැල් බැඳ ගනී | Page 2 | සිළුමිණ

MEPA සමඟ ඩයලොග් අත්වැල් බැඳ ගනී

ඩයලොග් ආසිආටා පී.එල්. සී සමාගම, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සමඟ අත්වැල් බැඳගනිමින් ලෝක සාගර දිනය නිමිත්තෙන්, සයුරු සත්කාර්යය ක්‍රියාවට නැංවීමට නියමිතය. සාගර සංරක්ෂණය සහ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වන තිරසර සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් දියත් කෙරෙන එම ව්‍යාපෘතිය, 2023 පරිසර දින තේමාව වන ප්ලාස්ටික් දූෂණය පරාජය කිරීම සමඟ ද අනුගත වේ.

මෙම හවුල්කාරිත්වයේ ප්‍රතිඵලයක් ලෙසින්, මෙරට වෙරළබඩ ජනතාවගේ ජීවිතවල සුබවාදී වෙනස්කම් ඇති කිරීම සඳහා සමාජීය හා පාරිසරික බාධක ජය ගත හැකි ව්‍යාපෘති සයුරු වෙතින් දියත් කෙරේ. එමෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසර සංවර්ධන ඉලක්ක වන දුප්පත්කම තුරන් කිරීම දේශගුණික ක්‍රියාකාරකම් සහ ජල ජීවී සංරක්ෂණය ආදී අරමුණු වෙනුවෙන් දායක වීම අපේක්ෂිතය. ඒ හැරුණ විට, පරිසර සංරක්ෂණයේ වැදගත්කම අවධාරණය කරමින් කඩොලාන, කොරල් පර, කැස්බෑවන් සංරක්ෂණය, මෙන්ම වෙරළ දූෂණය අවම කිරීම සහ වරාය දූෂණය අවම කිරීම වැනි තීරණාත්මක පාරිසරික ගැටලු සම්බන්ධයෙන් දැනුම්ිවත් කිරීම සඳහා වැඩසටහන් මාලාවක් ද පැවැත්වීමට නියමිතය.

 

Comments