අස්වැසුමේ විරෝධතා සලකා බැලීම අද සිට ඇරඹෙයි | Page 10 | සිළුමිණ

අස්වැසුමේ විරෝධතා සලකා බැලීම අද සිට ඇරඹෙයි

අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ලැබුණු විරෝධතා විභාග කිරීම අද (14) ආරම්භ කරන බව සමාජ සුබ සාධන මණ්ඩලය පවසයි.

ඒ සඳහා අවශ්‍ය සියලු උපදෙස් දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට යොමු කළ බව සමාජ සුබ සාධන මණ්ඩලය පවසයි.

මේ වන විට අස්වැසුම සම්බන්ධයෙන් ලැබී ඇති විරෝධතා සංඛ්‍යාව 217,000ක් වන අතර එම විරෝධතා දින 5 ක් ඇතුළත විභාග කර අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

ඉන් අනතුරුව අස්වැසුම සම්බන්ධයෙන් ලැබුණු අභියාචනා අට ලක්ෂයක් ද විභාග කිරීමට නියමිතය.

Comments