සිංගර් ෆිනෑන්ස් වෙතින් ‘සහනයක්, පහසුවක් ශක්තියක්’ | Page 2 | සිළුමිණ

සිංගර් ෆිනෑන්ස් වෙතින් ‘සහනයක්, පහසුවක් ශක්තියක්’

හදිසි මුදල් අවශ්‍යතාවක් පැන නැඟුනු විට සැමගේම සිතට එන අදහස නම් රන් ණයක් ලබා ගැනීමයි. එහිදී පාරිභෝගිකයන් වඩාත්ම සැලකිලිමත් වන්නේ අඩුම පොලියට වැඩිම අත්තිකාරම් මුදලක් ලබාගත හැකි වන්නේ කුමන මූල්‍ය ආයතනයෙන්දැයි දැනගැනීමටයි. එහිදී මුලින්ම පාරිභෝගිකයන්ගේ සිහියට නැගෙන නාමය සිංගර් ෆිනෑන්ස් බවට පත්ව තිබෙන්නේ මූල්‍ය අවශ්‍යතා සඳහා ඔවුන්ගේ උපරිම විශ්වාසය දිනාගෙන සිටින්නේ සිංගර් ෆිනෑන්ස් වන බැවිනි.

සිංගර් ෆිනෑන්ස් මෙසේ පාරිභෝගිකයන්ගේ උපරිම විශ්වාසය දිනා ගැනීමේ රහස වන්නේ ඉතාමත් සහනදායි කොන්දේසි හා වැඩිම පහසුකම් සිය පාරිභෝගිකයන් වෙත පිරි නැමීම ය . මූල්‍ය පහසුකම් ක්ෂේත්‍රයේ වැඩිම පාරිභෝගිකයන් සංඛ්‍යාවක් ගනුදෙනු කරනා ක්ෂේත්‍රය වන රන් ණය පහසුකම් සැපයිමේදී සිංගර් ෆිනෑන්ස් සිය

පාරිභෝගිකයන් වෙත ඉතාමත් ආකර්ෂණීය තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබේ. රන් ණය පහසුකම් ලබා දීමේ දී මූල්‍ය පහසුකම් ක්ෂේත්‍රයේ පවත්නා අඩුම පොලිය හා වැඩිම අත්තිකාරම් මුදල සිය පාරිභෝගිකයන් වෙත ලබා දීම එම තීන්දුවය.

එබැවින් පාරිභෝගිකයනට රන් ණයක් ලබා ගැනීමේ අවශ්‍යතාවකදී එම අවස්ථාවේදී රන් ණය පහසුකම් ක්ෂේත්‍රයේ පවත්නා අඩුම පොලිය හා වැඩිම අත්තිකාරම් මුදල පිරිනමන්නේ කවර මූල්‍ය ආයතනය දැයි සොයා බැලුවහොත් ඒ සිංගර් ෆිනෑන්ස් පමණක් බව වැටහෙනු ඇත.

සිංගර් ෆිනෑන්ස් මෙම ආකර්ෂණීය මූල්‍ය පහසුකම් සිය පාරිභෝගිකයන් වෙත පිරි නමන්නේ ඔවුනට උපරිම පහසුවක් හා සහනයක් සලසමින් ඔවුන්ගේ දිවියට ශක්තියක් වනු පිණිසය. එහෙයින් සිංගර් ෆිනෑන්ස් මෙම ආකර්ෂණීය තීන්දුව සිය පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙනු ලබන්නේ “සහනයක්, පහසුවක්, ශක්තියක්” යන තේමාව යටතේය.

Comments