ආනයනික බිත්තර තවත් දිස්ත්‍රික්ක දෙකකට | Page 10 | සිළුමිණ

ආනයනික බිත්තර තවත් දිස්ත්‍රික්ක දෙකකට

බස්නාහිර පළාත, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා අවශ්‍ය ආනයනික බිත්තර තොග මේ වනවිට සියලු සතොස වෙළදසැල් වෙත බෙදාහැරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසයි.

ඊයේ (27) දිනයේ බස්නාහිර පළාතේ සතොස අලෙවිසැල්වලට යොමුකළ සියලු ආනයනික බිත්තර තොග අවසන් වී ඇති බැවින් ඊයේ රාත්‍රියේ නව තොග බෙදාහැරීමට අවශ්‍ය පියවර ගත් බව ද වාර්තා වෙයි

මේ අතර සතොස හරහා වාර්තා සහගත ලෙස බිත්තර 420000 පමණ අලෙවි වී තිබෙයි

Comments