ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය වැසෙයි | Page 4 | සිළුමිණ

ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය වැසෙයි

ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි නෝර්වේ තානාපති කාර්යාලය ලබන ජුලි 31 වනදා සිට වසා දමන බව නිවේදනය කර තිබේ.
 
ඉන්පසු ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමඟ ද්විපාර්ශවික සබඳතා සඳහා කටයුතු කරනු ලබන්නේ ඉන්දියාවේ නවදිල්ලි නුවර නෝර්වේ තානාපති කාර්යාලය බව සදහන් කෙරේ.
 
පසුගිය වසරේ සැප්තැම්බර් මස මුලදී, නෝර්වේ රජය නිවේදනය කළේ, විදෙස් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ජාලයේ යම් ව්‍යුහාත්මක වෙනස්කම් හේතුවෙන් 2023 ජූලි මස අවසන් වන විට කොළඹ පිහිටි නෝර්වීජියානු තානාපති කාර්යාලය ස්ථිරවම වසා දැමීමට තීරණය කර ඇති බවයි.
 
ඒ අනුව, නෝර්වේ රජය 2023 වසරේ දී බ්‍රැටිස්ලාවා (ස්ලෝවැකියාව), කොළඹ (ශ්‍රී ලංකාව) සහ ප්‍රිස්ටිනා (කොසෝවෝ) තානාපති කාර්යාල, ඇන්ටනානාරිවෝ (මැඩගස්කරය) හි තානාපති කාර්යාලය සහ හූස්ටන් (ඇමරිකා එක්සත් ජනපදය) හි කොන්සල් ජනරාල් කාර්යාලයන් හි දූත මණ්ඩල වසා දමන බව නිවේදනය කළේය.  
 

Comments