Phoenix නවතම ශාඛාව බත්තරමුල්ලේ | Page 13 | සිළුමිණ

Phoenix නවතම ශාඛාව බත්තරමුල්ලේ

නිවසට අවශ්‍ය බොහෝ ද්‍රව්‍ය එකම ස්ථානයකින් මිල දී ගැනීමට පහසුකම් සපයන Phoenix සමාගම එහි නවතම ශාඛාව පසුගියදා බත්තරමුල්ල නගරයේ දී විවෘත කළේය. මෙම ශාඛාව විවෘත කිරීමේ ප්‍රධාන අරමුණ කොළඹ, බත්තරමුල්ල, මාලඹේ, පැලවත්ත සහ තලවතුගොඩ වැනි ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන පාරිභෝගිකයන්ට පුළුල් පරාසයක් සහිත Phoenix නිෂ්පාදන මිල දී ගැනීමට පහසු ප්‍රවේශයක් සැලසීමයි. අලු‍තින් විවෘත කරන ලද ශාඛාව අද්විතීය අත්දැකීම් සහිත මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරන අතර පාරිභෝගිකයන්ට ආකර්ෂණීය සාප්පු සවාරි අත්දැකීමක් ලැබීමට ඉඩ සලසයි. එහි දී පුළුල් පරාසයකින් යුතු නිෂ්පාදන රැසක් අතරින් සිය අවශ්‍යතාවලට ගැළපෙන නිෂ්පාදන තෝරා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබේ.

Comments