ලේඛන පුහුණු වැඩමුළුවක් වේයන්ගොඩදී | Page 20 | සිළුමිණ

ලේඛන පුහුණු වැඩමුළුවක් වේයන්ගොඩදී

නිර්මාණාත්මක ලේඛනයේ නිරත ලේඛක ලේඛිකාවන් වෙනුවෙන් ප්‍රවීණ සාහිත්‍යධරයන් මෙහෙයවන ප්‍රායෝගික සහ න්‍යායාත්මක නේවාසික පුහුණු වැඩමුළුවක් ජූලි මස 8 සහ 9 දෙදින වේයන්ගොඩ ජාතික සංස්කෘතික පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. වැඩමුළුව සංවිධානය කරනු ලබන්නේ සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ සාහිත්‍ය උපදේශක සභාව විසිනි.

සිංහල මාධ්‍යයෙන් නවකතා, කෙටිකතා, පද්‍ය ඇතුළු නිර්මාණාත්මක සාහිත්‍යකරණයේ නියුතු අවුරුදු 18-55 අතර ආධුනික ලේඛකයන්ට වැඩමුළුව සඳහා සහභාගි විය හැකිය.

ලියාපදිංචිය සඳහා VIYAMANA Whatsapp සාමූහිකය සමඟ 0766255773 අංකය ඔස්සේ සම්බන්ධ විය හැකිය.

Comments