
රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අයත්, මෙරට වඩාත් නවීකරණය වූ විශ්වාසනීයතම ජීවිත රක්ෂණ සමාගමක් ලෙස ප්‍රකට ආර්පිකෝ රක්ෂණ සමාගම, 2023 පළමු කාර්තුව තුළ දළ ලිඛිත වාරික ආදායමෙහි (GWP) 19.5%ක වර්ධනයක් සනිටුහන් කිරීමට සමත්ව ඇති අතර, එය මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ එම කාර්තුවෙහි පස්වැනි ඉහළම වර්ධනය වීම විශේෂත්වයකි.
රුපියල් මිලියන 226කට අධික අගයක් සනිටුහන් කරමින් සමාගමේ සමූහ ජීවිත රක්ෂණ ඉතිහාසයේ ඉහළම දළ ලිඛිත වාරික ආදායම සමාලෝචිත කාර්තුව තුළ වාර්තා කරන ලද අතර, ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ දෙවන ඉහළතම ව්‍යාපාර පරිමාවද ළඟා කරගැනීමට ආර්පිකෝ රක්ෂණ සමාගම සමත් විය.