
තේජස් බලපරාක්‍රමය සෞභාග්‍යය වාසනාව ජයග්‍රහණය නිර්භීත බව නොඅඩුව ලැබේ ස්තෝත්‍රය 21 වතාවක් කියවා මල් යහන බලගන්වන්න
“සිළුමිණ ඉසිවර" පාඨක පින්වත් ඔබ වෙත අද දින අප ඉදිරිපත් කරනු ලබන්නේ පුරාණ සෘෂිවරුන් පවා ඉමහත් ගෞරවාදරයෙන් රැකගත් කතරගම දිව්‍ය රාජයා උදෙසාම වූ ස්කන්ධ කුමාර වශී යන්ත්‍ර රාජයායි. කතරගම දිව්‍ය රාජයාණන් පුදමින් සිංහල දමිළ සමස්ත ශ්‍රී ලාංකික බැතිමතුන් අසිරිමත් ඇසළ මංගල්‍යයට සූදානම් වන මේ මොහොතේ කඳ සුරිඳුන්ගේ ආශිර්වාදය අසීමිතව ලැබෙන මෙම උතුම් යන්ත්‍ර රාජයා කතරගම මහ දෙවොල ඇතුළත තැන්පත් කොට පුරාණයේ සිට පුද සිරිත් පවත්වන බව බැතිමතුන්ගේ විශ්වාසයයි.
කඳ සුරිඳුන්ගේ මුහුණු සයෙන් විද්‍යමාන වන තේජස, බල පරාක්‍රමය, සෞභාග්‍යය, වාසනාව, ජයග්‍රහණය, නිර්භීත බව යන බල හයම මෙම යන්ත්‍ර රාජයා පරිහරණය කරන බැතිමතා හට නොඅඩුව ලැබෙන බව පුරාණ ඇදුරු මතයයි. මෙම යන්ත්‍ර රාජයා සකස්කර ගැනීමේදී රන් රිදී තඹ යන පත්‍රයක ඇඳගත යුතුයි. ගෙල පැලඳීමට සූදානම් කරගන්නේ නම් සාමාන්‍ය තඹ කොළයක ප්‍රමාණවත් වන අතර නිවසේ ව්‍යාපාරික ස්ථානයේ හෝ පුද පූජා පවත්වන දෙවොලක තැන්පත් කර පහන් දල්වා වතාවත් කරන්නේ නම් ඒ සඳහා ප්‍රමාණවත් තඹ තහඩුවක මෙය ඇඳගත යුතුය.
ඉරකට ඉරක් නොකැපෙන සේ මෙම යන්ත්‍රය ඇඳගත යුතු අතර අඟහරුවාදා සුබ හෝරාවකින් මෙය ඇඳ ගැනීම ඉතා බලවත්ය. යන්ත්‍රය ඇඳ නිමවා සඳුන් කිරි පැන් ඉස පිසදා එය පිරිසිදු කර ගත යුතුය. නිවසේ සුදුසු ස්ථානයක ආසනයක් මත කෙසෙල් කොළයක් එළා එයට කහ පැන් ඉස පිරිසිදු කර පූජාසනය සකසා ගත යුතුය. රත් කෙසෙල් සහිත පලතුරු වර්ග පහක් සහ රතු මල් සහිත මල් වර්ග පහක් ද කපා සූදානම් කළ තැඹිලි ගෙඩියක් පෙරා පිරිසිදු කරගත් වතුර වීදුරුවක් පූජාසනය මත තැන්පත් කරන්න.
කතරගම දිව්‍ය රාජයාගේ අනුහසින් මෙම සියලු කටයුතු සාර්ථක වේවායි ඉතා බැතිබරව ගිතෙල් පහනක් පූජාසනය මත දල්වන්න. ඉන් පසු මෙම උතුම් යන්ත්‍රය යහනෙහි තැන්පත් කර තිසරණ පන්සිල් සමාදන් වී තෙරුවන් වන්දනා කර කරණීයමෙත්ත සූත්‍රය සජ්ඣායනා කර කතරගම දිව්‍ය රාජයාට පින් දෙන්න. එසේ පින් දීමෙන් අනතුරුව මෙම ස්තෝත්‍රය 21 වතාවක් කියවා මල් යහන බලගන්වන්න.
ස්තෝත්‍රය
උරුවාය් යරුවාය් යුලදාය් යිලදාය්
මරුවාය් මලරාය් මණියාය් යොලියාය්
කරුවාය් යුයිරාය් ගතියාය් විදියාය්
ගුරුවාය් වරුවාය් අරුලාය් කුකනේ
ඉන් අනතුරුව මෙම උතුම් ජීවම් මන්ත්‍රයෙන් 1008 වරක් යන්ත්‍ර රාජයාට ජීවම් බල පිහිටවා ගන්න.
ජීවම් මන්ත්‍රය
ඕං ඓයුං කිලියුං සෞවුම් රීයුම් ශ්‍රීයුම් සරවණභවා
ඕං රීං සං රං සරවණ භවා
ඕං නං මං සිං වං යං සණමුක සරවණභවා
මෙම යන්ත්‍රය සූදානම් කරන බැතිමතා හුදෙක් කතරගම දෙවියන් පිළිබඳ අපමණ බැතිබරව දූෂිත චරිතයක් බවට පත් නොවී වාචාලයෙකු හෝ වංචනිකයෙකු නොවී නිර්මාංශව මෙම උතුම් කටයුත්ත සිදු කර ගත යුතුය.
මුදලට විකිණීමට හෝ ලාබ ප්‍රයෝජන අපේක්ෂාවෙන් මෙම උතුම් යන්ත්‍ර රාජයා අවභාවිත කරන්නන්ට කඳ සුරිඳුගේ උදහස නොඅනුමානය. පහන් සිතින් පේ වී ගෙල පැලඳවීම හෝ නිතිපතා පහන් දැල්වීම තුළ පුරා දින 45ක් ඇතුළත කඳ සුරිඳුගේ සිද්ධිය ලැබීම සත්‍යයි.
වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී, නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති
සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන ස්වාමීන් වහන්සේ
(කොළඹගම පොඩි හාමුදුරුවෝ )