
කේන්දරයක් හදද්දිනැකැත් බලද්දී යෝගය සහ කරණය අවශ්‍යමයි
චර කරණ 7යි තිර කරණ 4යි වාහන 10 යි
විහාර දේවාලවලට මුල්ගල තබද්දී බව කරණය ඉතා සුබයි
ජ්‍යොතිෂයේ සඳහන් වන පංචාංගයේ ඇති යෝගය සහ 'කරණය' උපරීම අයුරින් ප්‍රයෝජනයට ගත් අපේ පැරැන්නෝ ඔවුන්ගේ එදිනෙදා සියලු වැඩ කටයුතු අතිශයින්ම සාර්ථක කර ගත් බැව් ඇත්තකි. වත්මනේ වැඩි පිරිසක් දිනය සහ නැකැත පමණක් උපයෝගී කරගෙන 'යෝගය' සහ 'කරණය' අමතක කර දමන තැනට පත්වී තිබේ. පංචාංගයේ කරුණු තුනකට පමණක් මුල් තැන දී ඉතිරි කරුණු දෙක අමතක කිරීම ඉදිරි ගමනට සෑහෙන බාධකයක් වනු නිසැක ය.
කේන්දරයක් සෑදීමේදීත් පලාපල කථනයේදීත් නැකැත් සෑදීමේදීත් 'යෝගය' සහ 'කරණය' කෙරෙහි ඇතැමුන් උනන්දුවක් දක්වන බවක් නොපෙනේ. කෘෂිකාර්මික රටක් වූ හෙළය සහ හෙළයා ඈත අතීතයේ ගොවීන් තම ගොවිතැන් ගොඩ-මඩ දෙකම පංචාංගයම උනන්දුවක් දැක්වූ බවට සාක්ෂි ඇත. එදා වෙදදුරු තුමා ද ඖෂධ ගැනීම, සැකසීම සහ ප්‍රතිකාර කිරීමට පංචාංගයම උපයෝගි කරගත් බැව් පැහැදිලිය.
යෝගයත් එසේම කරණයත් ගැන කතාබහ කරද්දි 'කරණය' නැකැත් සෑදීමටත් කේන්දර පරීක්ෂාවටත් මල්වර පලාපල කථනයටත් උපයෝගී කරගත් විට අගනා ශාස්ත්‍රීය මෙහෙවරක් ඉටුකර ගැනීමට හැකිවේ.
කරණ 11කි. චර, තිර ප්‍රභේද දෙකකි. තිථිය දෙකට බෙදීමෙන් කරණය සෑදී තිබේ. නැකැත් තිථි යෝග මුළු දවස පුරා පැවැතියත් එක් කරණයක් දවසට නොතිබීම එහි විශේෂ ලක්ෂණයකි. බව, බාලව, කෞලව, තෛතිල, ගරජ, වණිජ, විෂ්ම යනුවෙන් චර කරණ 7ක් වේ. තිර කරණ හතර කිස්තු ගන, සකුණ, චතුෂ්පාද, නාග යනුවෙන්ය. වාහන දහයකි. සිංහ, ව්‍යාඝ්‍ර, ඌරු, කොටළු, ඇත්, ගව, කුක්කුට, දිවි, මී ගව, වානර ආදිය වේ.
දැන් අපි කරණ උදාවීමත් සමඟම ඒ, ඒ කරණවලින් ගත හැකි උපරීම ප්‍රතිඵල කුමක්ද යන්න විමසා බලමු.
බව කරණය
පුර පෑලවිය අව අටවක පුර පසළොස්වක අව සතවක යන තිථිවල අපරාර්ධශේද පුර විසේනිය, පුර දොළොස්වක, අව ජලවක, අව එකොළොස්වක යන තිථිවල පූර්වාර්ධයේ ද (බව) කරණය යෙදේ. විහාර දේවාල ඉදිකිරීමට මුල්ගල් තැබීමට ඉතාම සුබයි. ඉරිදා බව කරණය ඇති විටදී ලාඩම් ගැසීම, හංවඩු ගැසීමට, ගවයන්ගේ වැඩ කටයුතුවලට ඉතාම සුබයි.
බාලව කරණය
පුර දියවක පුර නවවක අව අටවක අවපෑලවිය යන තිථිවල පූර්වාර්ධයේ ද පුර විශේනිය පුර දොළොස්වක සහ අවජලවක අව එකොළොස්වක යන තිථිවල අපරාර්ධයේ ද බාලව කරණය යෙදේ. පැවිදි කිරීම, පිරිත් පිරීම සීමාමාලක ඇරඹීම හා භික්ෂු උපසම්පදා කටයුතුවලට සුබදායක වේ.
කෞලව කරණය
පුර ශටවක පුරතෙලෙස්වක අව විශේනිය අවදොළොස්වක යන තිථිවල පූර්වාර්ධයේ ද පුර නවවක අවපෑලවිය අවඅටවක යන තිථිවල ද අපරාර්ධයේ කෞලව කරණය යෙදේ. දවසේ ඉතාම වැදගත් සුබ වැඩවලට ඉතාම ශ්‍රේෂ්ඨ වේ.
තෛතිල කරණය
පුරතියවක දසවක අවදියවක අව අනවවක යන තිථිවල පූර්ව කොටසේ ද පුරසටවක පුර තෙලෙස්වක අව විශේනිය අවදොළොස්වක යන තිථිවල අපර කොටසේ තෛතිල කරණය යෙදේ. මඟුල් නැකත් දීම, බුලත් දීම, විවාහ කටයුතු කිරීමට ඉතාම සුබදායක වේ.
ගරජ කරණය
පුර සතවක පුරතුදුස්වක අවශටවක අවතෙළෙස්වක යන තිථිවල පුර කොටසේ ද පුර තියවක පුරදසවක අවදියවක අව නවවක යන තිථිවල අපර කොටසේ ගරජ කරණය යෙදේ. සියලුම ගොඩ මඩ ගොවිතැන්වලට ඉතාම සුබයි.
වණිජ කරණය
පුර ජලවක පුර එකොළොස්වක අවතියවක අවදියවක යන තිථිවල පූර්වාර්ධයේ ද පුර සතවක පුරතුදුස්වක අව ශටවක අව තෙලෙස්වක යන තිථිවල අපරාර්ධයේ ද වණිජ කරණය යෙදේ. නිවාස ඉදිකිරීම් වැඩ, ව්‍යාපාර කටයුතු, කුළු බඩු, විදුලි උපකරණ, විදේශ වෙළඳ කටයුතුවලට සුබයි.
විෂ්ටි කරණය
පුර අටවක පුර පසළොස්වක අව සතවක අව තුදුස්වක යන තිථිවල පූර්වාර්ධයේ ද පුර ජලවක පුර එකොළොස්වක අව තියවක අව දශවක යන තිථිවල අපරාර්ධයේ ද විෂ්ටි කරණය යෙදේ. ගුප්ත විද්‍යාව, යන්ත්‍ර මන්ත්‍ර ජප කිරීම, කෙම් ක්‍රම, ශාන්ති කර්ම, බලියාග, යාතුකර්මවලට ඉතාම සුබයි.
ශකුණ කරණය
අවතුදුස්වක යෙදේ. ග්‍රහ ශාන්ති කර්ම, දේව පූජා, බලියාග කර්ම, ඖෂධ සෙවීම-කෙටීම-උණු කිරීම, තෙල් සිඳීම ආසව. ආලේපන කසාය සැකසීම ආදියට සුබයි.
චතුෂ්පාද කරණය
ගව පාලනයට, හංවඩු ගැසීම, පට්ටි දැමීම, ලාඩම් ගැසීම, රේස් කරත්ත බැඳීම ආදි ගව පාලන කටයුතුවලට සුබයි.
නාග කරණය
හිමි වන්නේ අමාවක අපර කාලයේය. යුද හමුදා ඇරඹීම, කඩු-දුනු-හී සැකසීම. වත්මන්හි වෙඩි බෙහෙත් හමුදා කටයුතුවලට, අභ්‍යාසවලට ද යොදා ගැනේ. ජලය ආශ්‍රිත වෙළඳ කටයුතුවලට ද සුබයි.
ක්‍රිංස්තුංඹ කරණය
යෙදෙන්නේ පුර පෑලවිය පූර්වාර්ධයේදීය. සියලුම දෛනික එදිනෙදා සුබ වැඩ කටයුතු ඇරඹීමට ඉතාම සුබයි.
සෑම පංචාංග ලිතකම (කරණ) ලබන ගෙවෙන වේලාවන් සඳහන් වී තිබේ. එය තෝරා ගැනීමට ඉතාම පහසු වේ. යෝගය හා විශේෂයෙන්ම කරණය ගැන වඩාත් උනන්දු වීම වැඩදායක වේ. මේ පිළිබඳව ජ්‍යොතිෂය හදාරන අයට වඩාත් ම යහපත් වනු ඇත. අත්හදා බැලීම අනිවාර්ය වනු ඇත.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ටී. හෙන්රි බෙම්මුල්ල