ලොතරැයි දිනුම උරගාන්න ලග්නයට අනුව සුබ හෝරාව | Page 3 | සිළුමිණ

ලොතරැයි දිනුම උරගාන්න ලග්නයට අනුව සුබ හෝරාව

උපන්  ලග්නයට අනුව හැමෝටම සුබ දින සහ සුබ හෝරාවක්

වාසනාව උරගෑම සඳහා විවිධ ක්‍රම ඇත. බොහෝ අය වාසනාව උරගාන්නේ වාසනාව නොලැබෙන අසුබ වේලාවන් තුළය. ඔබේ ලග්නය අනුව සුබ හෝරාවෙන් වාසනාව උරගාන්න. අනිවාර්යයෙන්ම ඔබට ජයග්‍රහණයක් උදා වේ. රාජ්‍ය අනුග්‍රහය මත නිකුත් කරන ලොතරැයි පත්, අශ්ව රේස්, කැසිනෝ, මැණික් ගැරීම් හා නීති විරෝධි කාඩ් සෙල්ලම් ආදී ක්‍රමවලින් වාසනාව උරගෑමට පුළුවන. රාජ්‍ය අනුග්‍රහය මත නිකුත් කරන ලොතරැයි පත් රාශියක් දැනට වෙළෙඳපොළේ ඇත.

වාසනාව උරගෑම සඳහා ලොතරැයි පත් ගන්නේ ලොකු තෑග්ගක් බලාපොරොත්තුවෙනි. ධනවත් වී හොඳ යහපත් ජීවිතයක් ගත කිරීම කාගෙත් ආශාවකි. එම වාසනාව ලබා දෙන භාග්‍යයක් ඔබට තිබේදැයි බැලිය හැකි එකම මාර්ගය වන්නේ ඔබේ උපන් වේලාවට සාදා ඇති හඳහනයි.

ඒ සඳහා පළමුව ඒ ඒ ලග්නවලට වාසනාව උරගෑම සඳහා සුබ පල දෙන ග්‍රහයා හඳුනා ගත යුතුය. සමහර ග්‍රහයින් අසුබ පල දෙන අතර සමහර ග්‍රහයින් සුබ පල දෙයි. විශේෂයෙන් ඒ ඒ ලග්නවලට හිමි යෝග කාරක ග්‍රහයා වාසනාව උරගෑම සඳහා ලොකු උපකාරයක් කරයි. ඔබේ ලග්න අනුව සුබ ග්‍රහයින් මෙන්ම යෝග කාරක ග්‍රහයා පහත දැක්වේ. හඳහන නිවැරැදිව පරීක්ෂා කිරීමෙන් ඔබට වාසනාව තිබේදැයි පැහැදිලිව දැන ගත හැකිය. ඔබ උපන් ලග්න අනුව ඔබට සුබ දින හා සුබ හෝරාව දී තිබේ. ඔබ වරක් මෙම සුබ හෝරාවෙන් වාසනාව උරගා බලන්න.

මේෂ ලග්නය

මේෂ ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ රවි, සඳු, කුජ හා ගුරුය. බලවත් ම යෝග කාරක ග්‍රහයා ගුරු ය. මේෂ ලග්නයෙන් උපන් අයට බ්‍රහස්පතින්දා උදේ 6.00- 7.00 හා දවල් 1.00 - 2.00 අතර ගුරු හෝරාවෙන් ලොතරැයි පතක් මිලට ගන්න. අනෙක් දවස්වල රවි, සඳු කුජ හා ගුරු යන හෝරාවලින් වාසනාව උරගාන්න.

වෘෂභ ලග්නය

වෘෂභ ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ රවි, කුජ, බුධ, සිකුරු හා සෙනසුරුය. බලවත් ම යෝග කාරක ග්‍රහයා සෙනසුරුය. වෘෂභ ලග්නයෙන් උපන් අයට සෙනසුරාදා උදේ 6.00 - 7.00 හා දවල් 1.00 - 2.00 තුළ ශනි හෝරාවෙන් ලොතරැයි පතක් මිලට ගන්න. අනෙක් දවස්වල රවි, කුජ, බුධ, සිකුරු හා සෙනසුරු යන හෝරාවලින් වාසනාව උරගාන්න.

මිථුන ලග්නය

මිථුන ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ බුධ, සිකුරු හා සෙනසුරුය. බලවත් ම යෝග කාරක ග්‍රහයා සිකුරුය. මිථුන ලග්නයෙන් උපන් අයට සිකුරාදා උදේ 6.00 - 7.00 හා දහවල් 1.00 - 2.00 තුළ සිකුරු හෝරාවෙන් ලොතරැයි පතක් මිලට ගන්න. අනෙක් දවස්වල බුධ, සිකුරු හා සෙනසුරු යන හෝරාවලින් වාසනාව උරගාන්න.

කටක ලග්නය

කටක ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ සඳු, කුජ හා ගුරුය. බලවත් ම යෝග කාරක ග්‍රහයා කුජය. කටක ලග්නයෙන් උපන් අයට අඟහරුවාදා උදේ 6.00 - 7.00 හා දවල් 1.00 - 2.00 තුළ කුජ හෝරාවෙන් ලොතරැයි පතක් මිලට ගන්න. අනෙක් දවස්වල සඳු, කුජ හා ගුරු යන හෝරාවලින් වාසනාව උරගාන්න.

සිංහ ලග්නය

සිංහ ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ රවි, කුජ හා ගුරුය. බලවත් ම යෝග කාරක ග්‍රහයා කුජය. සිංහ ලග්නයෙන් උපන් අයට අඟහරුවාදා උදේ 6.00 - 7.00 හා දවල් 1.00 - 2.00 තුළ කුජ හෝරාවෙන් ලොතරැයි පතක් මිලට ගන්න. අනෙක් දවස්වල රවි, කුජ හා ගුරු හෝරාවලින් වාසනාව උරගාන්න.

කන්‍යා ලග්නය

කන්‍යා ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ බුධ හා සිකුරුය. බලවත් ම යෝග කාරක ග්‍රහයා සිකුරුය. කන්‍යා ලග්නයෙන් උපන් අයට සිකුරාදා උදේ 6.00 - 7.00 හා දවල් 1.00 - 2.00 තුළ සිකුරු හෝරාවෙන් ලොතරැයි පතක් මිලට ගන්න. උනෙක් දවස්වල බුධ හා සිකුරු යන හෝරාවලින් වාසනාව උරගාන්න.

තුලා ලග්නය

තුලා ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ කුජ, බුධ, සිකුරු හා සෙනසුරුය. බලවත් ම යෝග කාරක ග්‍රහයා සෙනසුරුය. තුලා ලග්නයෙන් උපන් අයට සෙනසුරාදා උදේ 6.00 - 7.00 හා දවල් 1.00 - 2.00 තුළ ශනි හෝරාවෙන් ලොතරැයි පතක් මිලට ගන්න. අනෙක් දවස්වල කුජ, බුධ, සිකුරු හා සෙනසුරු යන හෝරාවලින් වාසනාව උරගාන්න.

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ රවි, සඳු, කුජ හා ගුරුය. බලවත් ම යෝග කාරක ග්‍රහයා සඳු ය. වෘශ්චික ලග්නයෙන් උපන් අයට සඳුදා උදේ 6.00 - 7.00 හා දවල් 1.00 - 2.00 තුළ සඳු හෝරාවෙන් ලොතරැයි පතක් මිලට ගන්න. අනෙක් දවස්වල රවි, සඳු කුජ හා ගුරු හෝරාවලින් වාසනාව උරගාන්න.

ධනු ලග්නය

ධනු ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ රවි, සඳු, කුජ හා ගුරුය. බලවත් ම යෝග කාරක ග්‍රහයා කුජය. ධනු ලග්නයෙන් උපන් අයට අඟහරුවාදා උදේ 6.00 - 7.00 හා දවල් 1.00 - 2.00 තුළ කුජ හෝරාවෙන් ලොතරැයි පතක් මිලට ගන්න. අනෙක් දවස්වල රවි, සඳු, කුජ හා ගුරු යන හෝරාවලින් වාසනාව උරගාන්න.

මකර ලග්නය

මකර ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ බුධ, සිකුරු හා සෙනසුරුය. බලවත් ම යෝග කාරක ග්‍රහයා සිකුරුය. මකර ලග්නයෙන් උපන් අයට සිකුරාදා උදේ 6.00 - 7.00 හා දවල් 1.00 - 2.00 තුළ සිකුරු ලොතරැයි පතක් මිලට ගන්න. අනෙක් දවස්වල බුධ, සිකුරු හා සෙනසුරු යන හෝරාවලින් වාසනාව උරගාන්න.

කුම්භ ලග්නය

කුම්භ ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ රවි, කුජ, සිකුරු හා සෙනසුරුය. බලවත් ම යෝග කාරක ග්‍රහයා සිකුරුය. කුම්භ ලග්නයෙන් උපන් අයට සිකුරාදා උදේ 6.00 - 7.00 හා දවල් 1.00 - 2.00 තුළ සිකුරු ලොතරැයි පතක් මිලට ගන්න. අනෙක් දවස්වල රවි, කුජ, සිකුරු හා සෙනසුරු හෝරාවලින් වාසනාව උරගාන්න.

මීන ලග්නය

මීන ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ රවි, බුධ සිකුරු හා සෙනසුරුය. බලවත් ම යෝග කාරක ග්‍රහයා කුජය. මීන ලග්නයෙන් උපන් අයට අඟහරුවාදා උදේ 6.00 - 7.00 හා දවල් 1.00 - 2.00 තුළ කුජ හෝරාවෙන් ලොතරැයි පතක් මිලට ගන්න. අනෙක් දවස්වල රවි, බුධ, සිකුරු හා සෙනසුරු යන හෝරාවලින් වාසනාව උරගාන්න.

 

සුබ හෝරාව සඳහා දී තිබෙන වේලාව හිරු උදාව අනුව ගළපා ගත යුතුය. මෙම හෝරාවල පංචම හෝ සුක්ෂ්ම හෝරාවෙන් වාසනාව උරගාන්න.

ලොතරැයි පත් ලබා ගන්නා දිනයට අයත් නැකත හා තමන් ගේ නැකත සමඟ සම්පත් යෝගයක් තිබේනම් හෝරාව බලවත්ය. එම හෝරාව පක්ෂියා රජ වන වේලාව අයත් නම් වඩාත් සුදුසුය. වාසනාව උරගෑමට පෙර තමන්ගේ හඳහන පරීක්ෂාවට ලක් කළ යුතුය. විශේෂයෙන් ධන යෝග තිබේනම් අනිවාර්යයෙන් ම වාසනාව උදා වනු ඇත. අසුබ හෝරාවලින් වාසනාව උරගෑම අත්හැර තමන්ට අයත් සුබ හෝරාවලින් වාසනාව උරගා බලන්න. ඔබට ජය අත් වනු නියතය.

 

ජ්‍යොතීර්වේදී

ග.මු. සුබසිංහ

Comments