ලංකාවේ ටුවරිසම්වලට එන රජිනිකාන්ත් | Page 10 | සිළුමිණ

ලංකාවේ ටුවරිසම්වලට එන රජිනිකාන්ත්

ශ්‍රී ලංකාවේ රටේ සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා සුපිරි නළු රජිනිකාන්ත්ගේ සහය ඉල්ලා තිබේ.
 
චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී වෙන්කේෂ්වරන් මහතා දකුණු ඉන්දියාවේ ලෝක ප්‍රකට සුපිරි නළු පද්ම භූෂන් සම්මානලාභී රජිනිකාන්ත් මහතාව මේ සතියේ ඔහුගේ නිවසේදී හමුවූ බව විදේශ අමාත්‍යාංශය සදහන් කළේය.
 
මෙම හමුවේදී නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා රජිනිකාන්ත් මහතාට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කළේ ඔහුගේ පැමිණීම සිනමා, සංචාරක මෙන්ම අධ්‍යාත්මික සහ සුවතා සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කරන බව පවසමිනි.
 
ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ ‘රාමායණ මංපෙත’ සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් සුවිශේෂී බෞද්ධ ස්ථාන ගවේෂණය කරන ලෙස ද නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ඔහුට පෞද්ගලිකව ආරාධනා කර ඇත.

Comments