මහදශා අතුරුදශා එකට ගෙවන විවාහපේක්ෂකයන් පරෙස්සමෙන්! | Page 3 | සිළුමිණ

මහදශා අතුරුදශා එකට ගෙවන විවාහපේක්ෂකයන් පරෙස්සමෙන්!

දෙදෙනාගේම මහ දශා අතුරු දශා ගෙවීම එකටනම් ඊට බලපාන කඩහන්දි මාරකය

විවාහ අපේක්ෂකයන්ගේ කේන්දර බලද්දී පරීක්ෂා කළ යුතුම කාරණාවක්

මාරකයෙන් බේරෙන්න අදාළ ග්‍රහයාට නියමිත යන්ත්‍ර පලඳින්න

 

 

මාරකයක් කිව්වේ මරණයක්, විපත්තියක් ඇති කරනවා කියන එකනේ. එහෙම කිව්වට බය වෙන්න එපා. මේ මාරකයෙනුත් ගැලවෙන්න ක්‍රම රැසක්ම තිබෙනවා. සාමාන්‍යයෙන් අපේ ජීවිතයේ කරදරවල ලක්ෂණ දැනුණාම අපි කේන්දරය පරීක්ෂා කරගන්නා එක සිරිතක්. ඒවා පූර්ව ලක්ෂණ. එක එක ග්‍රහයා 'නරක් වුණාම' හෝ නීච වුණාම අපි ඒකෙන් බේරෙන්න ස්ථීර යන්ත්‍රයක් දමනවා. සෙනසුරුට ශනි මුත්‍යජය රාහුට සිද්ධි නාගර්ජුනය වගේ ස්ථිර යන්ත්‍ර. මේ කියන මාරකය ආවාම ඔය යන්ත්‍ර දමලා පමණක් බේරෙන්නේ නැහැ. ඒ මාරකය ලැබූ කාලයට ලබපු ග්‍රහයාට නියම යන්ත්‍රයමයි දමන්න ඕනෑ. මොකක්ද මේ මෙච්චර බලගතු මාරකය. මේක ජීවිතය නැති කරන විවාහ ජීවිතය අවුලෙන් අවුලට ඇද දමන ජ්‍යොතිෂයේ කඩහන්දි මාරකයයි.

නව විවාහපේක්ෂිත දෙදෙනෙක් පොරොන්දම් බලන එක සිංහල - හින්දු අයගේ සිරිතකි. දෙදෙනාගේ ජන්ම පත්‍ර පරීක්ෂාව සැසදීමේදී පළමුවෙන්ම පරීක්ෂා කරන්නේ ග්‍රහ පොරොන්දම. මේ දෙදෙනාගේ ග්‍රහ පොරොන්දමේ අගය තිබිය යුත්තෙ ලකුණු 32ක වෙනස. ඊළඟට දස පොරොන්දම, විසි පොරොන්දම, අන්තිම අෂ්ට නාඩි කූඩය 36. ඔය පියවරවල් 4 පරීක්ෂා කර සියලු ලකුණු භාගයකට වඩා වැඩිනම් හොඳයි, වඩා හොඳයි යනුවෙන්ද භාගයකට වඩා අඩුනම් නරකයි. වඩා නරකයි යනුවෙන්ද කියා වාර්තාවක් දෙයි. තව බොහෝ කරුණු පරීක්ෂා කරන්නට තිබුණත් පරිගණකයෙන් එළියට එන්නේ එපමණය. ඔය ප්‍රතිඵලවලට විවාහ වුණාට දික්කසාදයට උසාවි යන්නත් වැඩි කලක් යන්නෙ නැහැ. දක්ෂ ජ්‍යොතිර්වේදියානම් දරු සම්පත්, සරාගී යෝග, නටාංශක දෝෂ පරීක්ෂා කරන සිරිතකුත් තිබේ. ඒවාට දැනුම නැතිනම් මේවා බලන්න බැහැ. මේ පොරොන්දම් පරීක්ෂාවට ප්‍රථමයෙන් දෙදෙනාගේ නැකැත් පොරොන්දම සංසන්දනය කොට ජන්ම, විපත්, වද යන නැකතකට වැටෙනවානම් ඉතිරි පොරොන්දම් නොබලා කේන්දර විසි කරන ජ්‍යොතිෂවේදීන්ද සිටී.

මේ ඔක්කොටම වඩා වෙනස් මාරකය තමයි කඩහන්දි මාරකය. මෙය පරීක්ෂා කළ යුතුම වේ. මේ හැම එකකටම පිළියම් තිබේ. මෙලොව පිළිතුරු නැතිව ප්‍රශ්න පැන නගින්නේ නැත. ඒවාට පිළිතුරු පිළියම නොදන්න නිසා දෙපාර්ශ්වයම අසරණ වෙති. මේ විදිහට නැකැත් පොරොන්දම අවුල්නම් විසි කරන්න එපා කියා ඒවාට පිළියම් කියා දුන් බොහෝ අය ජ්‍යොතිෂය කරයි.

කිසියම් දෝෂයක් තිබේනම් දෝෂ භංග වන ආකාරය දැනගත්තාම පහසුය. සමහර කේන්දර තිබෙනවා එක එක නැකැත් හිමි, එකම දසාව ගත කරන කේන්දර. ඕනෑම විවාහ ප්‍රේක්ෂක දෙදෙනෙකුගේ වර්ෂයක් ඇතුළත එකම මහ දශාව ගත වනවා නම් මේ කඩහන්දි මාරකය ලබනවා කියා පොත්වල තිබේ. සත්‍ය ලෙසටම කිවහොත් ප්‍රවීණ දැනුමක් ඇති ආර්. එච්. විලියම්ගේ "පොරොන්දම් බලන හැටි" පොතේ 74 වැනි පිටුවේ සඳහන් වන්නෙ පොත්පත්වල කොහොම තිබුණත් ජ්‍යොතිෂය පරීක්ෂා කරන විට නිවැරදි දේ වැටහෙනවා.

ඒකට ගොඩක් පොත් කියවන්න ඕනෑ. පුස්කොළ පොත් බලන්න ඕනෑ. ජ්‍යොතිෂ කාමධේනුව, රත්නාකරය වගේ පොත් විශේෂයි. නිවැරදි දේ තමයි ඕනෑම විවාහප්‍රේක්ෂක දෙදෙනාගේ එක් වර්ෂයක් තුළ මහ දසාව හා අතුරු දසාව යන දෙකම එකට යන කාලයට මේ කඩහන්දි මාරකය යනවා නැත්නම් ලබනවා. මේ කාලය පටන්ගන්න කොටම එක එක යන්ත්‍ර දමන අය ඉන්නවා. එහෙම එක එක යන්ත්‍ර දමලා හරි යන්නේ නැත.

කඩහන්දිය ආරම්භ කළ ග්‍රහයාට සාපේක්ෂව එකම යන්ත්‍ර නියමිත විදියට දමන්න ඕනෑ. ඊළඟට මේ දෙදෙනා පිළිපැදිය යුතු ක්‍රියා මාර්ගයත් තිබෙනවා. එතකොට විතරයි කඩහන්දි මාරකයෙන් බේරෙන්න හැකි වන්නේ.

 ජ්‍යොතිෂවේදී

මීපේ ගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

Comments