
මේෂ - අතමිට මිල මුදල් ගැවසේ
සඳු ගමන් කරන්නේ 12, ලග්නය හා දෙවැන්න මතිනි. ආරම්භය තරමක් ගැටලු සහගත විය හැකි අතර පාඩුද සිදු විය හැක. ඉන් පසුව සතුටුදායක ලෙස ජීවිතය ගෙවේ. දරුවන්ගේ සියලු යහපත් කටයුතු පල දරයි. පුණ්‍ය කටයුතුවලට දායකත්වය ඇතිවේ. රැකියා ව්‍යාපාර ආදියෙන් ලාභ ප්‍රයෝජන අත්වේ. යුග දිවියේ ගැටලු අවම වෙයි. පාදවල වේදනා ඇති විය හැකි අතර සෙම් රෝගද වැඩිවේ. ඔබගේ අපල අවම වීමට අඟහරුවාදා රත්මල් පූජා කර එදින බෝධි පූජා තබන්න.
සුබ අංකය - 5,9 සුබ වර්ණ - රතු, නිල්, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා
වෘෂභ - ලැබීම් සහිතයි
සඳු ගමන් කරන්නේ 11, 12 සහ ලග්නය මතිනි. ආරම්භය සතුටුදායකය. ඥාති හිතවත් අයගේ ආධාර උපකාර හිමි වෙයි. ආර්ථිකය ශක්තිමත් වේ. එහෙත් සතියේ යම් දිනෙක වැය පස වැඩි වන අවස්ථා යෙදේ. ගෘහ ජීවිතය සතුටින් ගෙවේ. දරුවන්ගේ ඉගෙනුම් කටයුතුද සාර්ථක වන අතර සමාජ සබඳතා ගොඩනැඟී අන්‍යයන්ගේ ප්‍රසාදයට ලක් වේ. සහෝදර බැඳීම් අලුත් වේ. දරුවන්ගෙන් ආදරය කරුණාව හිමි වෙයි. අපල අවම කර ගැනීමට සමාජ ඇසුරේදී බුද්ධිමත්ව ආත්ම ගරුත්වය රැකගෙන කටයුතු කරන්න.
සුබ අංක - 5, 6, සුබ වර්ණ - සුදු, ක්‍රීම් රෝස, සුබ දවස් - බදාදා, සිකුරාදා
මිථුන - යහපත් සතියකි
සඳු ගමන් කරන්නේ 10,11,12 යන භාවයන් හරහාය. කර්මස්ථානය අයස්ථානය බලවත් බැවින් අතමිට සරුව ආර්ථිකය ශක්තිමත් බවක් පෙන්වයි. දරුවන්ගේ සියලු යහපත් කාරණා ඉෂ්ට සිද්ධ වන අතර ගෘහ ජීවිතය සැනසිලිදායක වේ. රැකියා ව්‍යාපාර අංශවල දියුණුවක් දක්නට ඇත. විදෙස් ගමන් බලාපොරොත්තුව සිටි අයට ලිපි ලේඛන වලින් සතුටුදායක ආරංචි හිමි වීමට පුළුවන. අනපේක්ෂිත අයුරින් මුදල් වැය වීමක්ද දක්නට ඇති බැවින් ගනුදෙනුවලදී කල්පනාකාරී වන්න. අපල අවම වීමට කුඩා දරුවන් සිටින මවකට සහ එම දරුවනට උපකාර කරන්න.
සුබ අංකය - 3, 5, සුබ වර්ණ - කොළ, සුබ දවස් - සිකුරාදා, බදාදා
කටක - පුණ්‍ය සිතුවිලි වර්ධනය වේ
සඳු ගමන් ආරම්භ කරන්නේ 9,10,11 යන භාවයන් මතිනි. ඒරාෂ්ටක අපල තත්ත්වයක් තිබුණත් මේ සතිය ඔබට භාග්‍ය උදා කරයි. රැකියා ව්‍යාපාර ආදියෙන් ලාභ ලබන සහ මව්පියන්ගෙන් උපකාර හිමි වන බවක් පෙනේ. ආර්ථිකය ශක්තිමත් වේ. පුණ්‍ය කටයුතුවලට නිතරම හිත යයි. දෙලොවටම අවශ්‍ය කරන මාර්ගය සකසා ගනී. දරුවන්ට සුබ පල පමුණුවයි. ප්‍රමාදවූ සියලු යහපත් බලාපොරොත්තු ඉටුවී සමගිය සතුට වර්ධනය වේ. අපල අවම වීමට සඳුදා දිනය නිර්මාංශව සිට නිවසේදී වුවත් සුදු මල් පූජා කර පත්තිනි දේවියට පින් දෙන්න.
සුබ අංක - 2, 7, සුබ වර්ණය - සුදු, සුබ දවස - සඳුදා
සිංහ -සුබ සතියක ඇරඹුමකි
සඳු ගමන් කරන්නේ 8, 9,10 යන භාවයන් මතිනි. ආරම්භයේ හිතවත් අයකුගේ කනගාටුදායක පුවතක් අසන්නට ලැබෙන අතර ඉන්පසු තත්ත්වය යහපත් වේ. පුණ්‍ය කටයුතුවලට නිරන්තර දායකත්වයක් ඇතිවේ. ගෙදර දොර අලංකාරය පිළිබඳව වෙහෙසෙයි. සහෝදර උපකාර ලැබේ. සහජ දක්ෂතා ඔප් නැංවේ. රැකියා ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන අත්වෙයි. දරුවන්ගේ දක්ෂතා අසන්නට ලැබෙයි. සුබ සතියක ආරම්භයකි. අපල අවම කර ගැනීමට අක්ෂි රෝගීන්ට උපකාර කරන්න. මෝර පිරිත කියන්න. අසන්න (උදේට)
සුබ අංක - 4, 5, සුබ වර්ණ - රතු, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා
කන්‍යා - මිශ්‍ර පල
සඳු ගමන් කරන්නේ 7,8,9 යන භාවයන් මතිනි. රැකියා ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත්වේ. සමාජ ඇසුරේදී මෙන්ම නිවසේදීද ආවේගශිලී වන අවස්ථා මතුවිය හැකි බැවින් තැන්පත් බුද්ධියකින් කටයුතු කරන්න. පුණ්‍ය කටයුතුවලට දායක වීමට අවස්ථා යෙදේ. දරුවන්ගේ දක්ෂතා වර්ධනය වේ. යසස කීර්තිය ඇති වේ. පුජ්‍ය පක්ෂයේ අවවාද අනුශාසනා ලැබෙයි. විදෙස්ගත වීම්වලට ඉඩකඩ ඇත. අසනීප හිතවතුන්ගේ කනගාටුදායක අවස්ථා මතු කෙරේ. අපල අවම කර ගැනීමට කුඩා දරුවනට ආදරය සෙනෙහස දක්වන්න. පොතපත ලබා දෙන්න.
සුබ අංක - 5, 7, සුබ වර්ණ - කොළ, සුබ දවස් - බදාදා, සිකුරාදා
තුලා -මිශ්‍රපල
සඳු ගමන් කරන්නේ 6,7,8 යන භාවයන් මතිනි. සමාජ සම්බන්ධතා වැඩි දියුණු වේ. අලුත් හිතවතුන් මුණ ගැසේ. ඇවිදිලි වැඩි වේ. රැකියාවලින් ව්‍යාපාරවලින් ආදායම් තත්ත්වය සුබ අතට හැරෙයි. යුග ජීවිතය සැහැල්ලුවෙන් ගෙවන ගෙදර දොර අලංකාරය සඳහා වෙහෙසෙන සතියකි. විදෙස් ගමන් ද ඇතිවේ. අසනීප සහ අන්‍යයන්ගේ කනගාටුදායක පුවත් අසන්නට ලැබෙන අතර වියදම් වැඩි වීමට ද ඉඩ ඇත. අපල අවම කරගැනීමට විසිතුරු ඇඳුමක් තරුණ දරුවෙකුට තෑගි දෙන්න. බුදු පුදසුනට වර්ණවත් මල් පූජා කර සුවඳ දුම් අල්ලන්න. අන්‍යයන් ඉදිරියේ වචනය පිළිබඳව දෙවරක් සිතන්න.
සුබ අංක - 5, 6, සුබ වර්ණ - සුදු, ක්‍රීම්, සුබ දවස - සිකුරාදා
වෘශ්චික - ආර්ථිකය ශක්තිමත් වේ
සඳු ගමන් කරන්නේ 5, 6, 7 වන භාවයන් හරහාය. පුණ්‍ය සිතුවිලි ආදරය, කරුණාව පෙරදැරිව ආරම්භ වන සතිය ඔබට අයහපත් නොවේ. සමාජ සබඳතා වර්ධනය වන ප්‍රේමය - ආලය විවාහය යන කටයුතු පල දරන සතියකි. දරුවන්ගේ ඉගෙනුම් සපල වේ. ලැබීම් සහිතය. ආර්ථිකය ශක්තිමත්ය. රැකියා සඳහා ඇවිදිලි වැඩි වේ. සතුරන් සමඟ අමනාපකම් වැඩි විය හැකි නිසා ඔවුන් ඇසුරෙන් ඈත්ව සිටින්න. වචනය පාලනය කර ගන්න. අපල අවම කර ගැනීමට අඟහරුවාදා දින නිර්මාංශ වන්න. දුර්වල අයට, වයසක අයට උපකාර කරන්න.
සුබ අංක - 4, 5, සුබ වර්ණ - රතු, සුබ දවස් - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
ධනු - වාසනාවන්ත සතියකි
සඳු ගමන් කරන්නේ 4, 5, 6 යන භාවයන් මතිනි. පදිංචි ස්ථානයේ දියුණුව පිණිස කටයුතු කරන්නට පෙලඹේ. දරුවන්ගේ ඉගෙනීම වෙනත් දක්ෂතා වැඩි දියුණු වන ග්‍රහ පල ඇත. ඇවිදිලි සහිත රැකියාවලින් ලාභ ප්‍රයෝජන අත්වෙයි. විදෙස් ගමන් ඉල්ලුම් කර තිබු අයට සුබ පණිවුඩ ලැබේ. ප්‍රසිද්ධිය යසස වර්ධනය වේ. පුණ්‍ය කටයුතුවල නියැළෙයි. ආදර සබඳතා වර්ධනය වනු ඇත. සෑම කටයුත්තකම සුබ පලයක් දක්නට ලැබෙන භාග්‍යමත් සතියකි. අපල අවම කර ගැනීම සඳහා භික්ෂූන් වහන්සේට ගිලන්පස පූජා කරන්න.
සුබ අංක - 5, 6, සුබ වර්ණ - කහ, සුබ දවස් - බදාදා, සිකුරාදා
මකර - පවුලේ සමගිය වර්ධනය වේ
සඳු ගමන් කරන්නේ 3, 4, 5 යන භාවයන් මතිනි. සහෝදර සහ මව්පියන්ගෙන් උදවු උපකාර හිමි වන අතර මව්පිය දූදරු සබඳතා වැඩි වෙයි. සහජ දක්ෂතාවන්ගෙන් ප්‍රයෝජන ගත හැකි අතර නිවසේ අලංකාරත්වය පිළිබඳ වෙහෙසෙයි. පුණ්‍ය කටයුතුවලට දායකත්වයක් ඇත. දරුවන්ගේ දක්ෂතා මතු කෙරෙන සහ අධ්‍යාපනික කටයුතු සපල වන බවක් පෙන්නුම් කෙරේ. අන්‍යයන්ගේ ප්‍රසාදයට පත්වන ඔබ කෙරෙහි ඒ අයගේ ඇල්ම වැඩිවේ. අපල අවම කර ගැනීමට උදෙන්ම මල් පහන් බුදුන්ට පුදා රතන සුූත්‍රය කියන්න.
සුබ අංකයන් 5, 9, සුබ වර්ණ - නිල්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා
කුම්භ - මිල මුදල් අත මිට ගැවසේ
සඳු ගමන් කරන්නේ 2,3,4 යන භාවයන් මතිනි. ඔබගේ වචනය කෙරෙහි බොහෝ දෙනෙකුගේ ආදරය කරුණාව ඇතිවේ. සහෝදර සබඳතා වැඩිවේ. මවුපියන්ගෙන් උපකාර ලැබ දෙයි. ගෙදර දොර දියුණුවට කටයුතු ද රැකියා ව්‍යාපාරවල දියුණුවද ඇතිවේ. සහජ දක්ෂතාවලට වටිනාකමක් ලැබේ. මවු පාර්ශ්වයෙන් ලැබිය යුතු යමක් ඇතොත් එයට කටයුතු සම්පාදනය වේ. ඒරාෂ්ටක තත්ත්වය නිසා සිතෙහි ආවේගශීලී බවක් මතු වුවත් බුද්ධියෙන් යටපත් කර ගැනීමට ඔබට හැකි වනු ඇත. අපල අවම කර ගැනීමට තිරිසන් සතුනට, පක්ෂීන්ට ආහාර ජලය දෙන්න.
සුබ අංක - 5, 6, සුබ වර්ණය - නිල්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා
මීන - ගැටලු අවම වන සතියකි
සඳු ගමන් කරන්නේ ලග්නය 2, 3 හරහාය. ආර්ථිකය ශක්තිමත් වන සමාජ සබඳතා වර්ධනය කෙරෙන සුබ සතියකි. තමාගෙන් ඉල්ලා ගත් ණය මුදලක් හෝ අනපේක්ෂිත මුදලක් ලැබීමට ඉඩ ඇත. ඔබගේ සහජ දක්ෂතාවලට ඇගැයිමක් ලැබෙන බවක්ද පෙන්වයි. ගමන් බිමන් වැඩි වේ. දරුවන්ගේ ඉගෙනුම් කටයුතු වර්ධනය වන ග්‍රහ බල දක්නට ලැබෙයි. වචනය පාලනය කර ගැනීමත් තැන්පත් බුද්ධියකින් කටයුතු කිරීමත් වැදගත් වන්නේ හිතවතුන් අමනාප විය හැකි බැවිනි. අපල අවම වීමට වැඩිහිටි ඥාති හිතවත් අයට උපකාර කරන්න. පූජ්‍ය පක්ෂයේ හිමිවරුන්ට ගිලන්පස සාදා පූජා කරන්න. බෝ පත්‍ර අතින් ඇහිඳ ඉවතට දමන්න.
සුබ අංකය - 05, සුබ වර්ණය - කහ, සුබ දවස් - බ්‍රහස්පතින්දා, අඟහරුවාදා