
8 අධිපති 12 අධිපති පරිවර්තනය බැලූ කල 8 අධිපති 12 වැන්නට ගොස් සරල යෝගය ද 12 අධිපති 8 වැන්නට ගොස් විමලා යෝගය ද උදා කරයි
යෝග සමූහය ගැන දැන ගන්න රූප සටහන බලන්න
ජ්‍යොතිෂ්‍යයේ සඳහන් පරිවර්තන යෝග අතුරින් මහා පරිවර්තන යෝග සහ මධ්‍ය පරිවර්තන යෝග පිළිබඳවත් ඒවා විපාක දෙන ආකාරය පිළිබඳවත් මීට පෙර සාකච්ඡා කළෙමු. අද විමර්ශනයට භාජනය කරනු ලබන්නේ මෙම පරිවර්තන යෝගවල අවසාන යෝගය වන 'දෛන්‍ය යෝග' පිළිබඳවය.
මෙකී යෝග ගණන ගණනින් 30කි. ජීවිතයේ උස් පහත් වීම් මෙන්ම නැඟීම් වැටීම් පිළිබඳව නිරූපණයන් මෙම යෝගය ඔස්සේ ක්‍රියාත්මක වේ. මෙයින් සුබ විපාකවලට සාපේක්ෂව අසුබ විපාකයන් ක්‍රියාත්මක වීමේ ඉතා වැඩි සම්භාවිතාවක් පවතී.
තෝරා බේරා ගැනීමේ පහසුව පිණිස මෙම යෝග සමූහය රූප සටහනකින් දක්වා තිබේ.
මෙහි සඳහන් ඉලක්කම් මඟින් නිරූපණය වන්නේ අදාළ අධිපතීන්ය. 1 වැන්නෙන් ලග්නාධිපති ද, 2න් 2 අධිපති ද ලෙසිනි. එම ඉලක්කම්වල සිට ඊ හිස යෙදුණු දිශා දෙස බැලීමෙන් මෙම යෝග පහසුවෙන් සොයාගත හැකිය. ලග්නාධිපතියා 6, 8 සහ 12 අධිපති සමඟ පරිවර්තනයෙන් යෝග 3ක් ද, 2 අධිපති 6, 8, 12 අධිපති සමඟ යෝග වීමෙන් යෝග 3ක් ද ආදී ලෙස යෝග 27ක් රූපයේ දකුණුපස නියෝජනයෙන් ද, 6 සහ 8 අධිපති පරිවර්තනයත්, 6 සහ 12 පරිවර්තනයත්, 8 සහ 12 පරිවර්තනයත් ලෙස රූපයේ වම්පස පරිවර්තනයන් ගණන 3කි. මෙලෙස මුළු යෝග ගණන 30කි.
මෙහිදී අවසානයට සඳහන් කළ යෝග තුන ඉතා සුවිශේෂ වෙයි. මේවා විපරීත රාජ යෝග වේ. එසේම මෙම යෝග නිර්මාණය වන විට හර්ෂා, විමලා හෝ සරලා යෝගවලින් දෙකක් නිරායාසයෙන්ම නිර්මාණය වෙයි.
8 අධිපති 12 අධිපති පරිවර්තනය බැලූ කල
(i) 8 අධිපති 12 වැන්නට ගොස් "සරලා" යෝගයද,
(ii) 12 අධිපති 8 වැන්නට ගොස් "විමලා" යෝගයද නිර්මාණය කරයි.
ඉතිරි ග්‍රහ යෝගයන්හී ප්‍රතිඵල ඉතා සැකෙවින් පහත සඳහන් කර තිබේ.
ඉලක්කම් මඟින් අදාළ අධිපතීන් සඳහන් වෙයි.
මෙලෙස දෛන්‍ය යෝග ප්‍රතිඵල අවබෝධ කර ගත හැකිය.
සංඛ්‍යාවෙන් 30ක්
(1) 1 - 12 = දිලිඳු බව, ණය අධික බව, අසුබ පල
(2) 1 - 6 = රෝග පීඩා, සතුරු බිය, මානසික අසහනය
(3) 1 - 8 = නිරන්තර රෝග, පිනට අකමැති, මිත්‍ර සේවනය රහිත
(4) 2 - 6 = අධික වියදම, රෝග, සතුරු පීඩා, අක්ෂි රෝග
(5) 2 - 8 = ධනය නැතිවීම, අලස බව, වංචනික බව
(6) 2 - 12 = ධන විනාශය, ණයගැති බව, යුගදිවි ගැටලු
(7) 3 - 6 = සහෝදර ගැටුම්, අල්ප මිතුරන්, දුෂ්ට ගතිගුණ
(8) 3 - 8 = අධික කේන්තිය, මන්ද උත්සාහය, දිඝායුෂ
(9) 3 - 12 = මද දියුණුව, ඊර්ෂ්‍යා ගති, ඥාතීනට සතුරුකම්
(10) 4 - 6 = සතුරු පීඩා, නිවාස ගැටලු, නොමනා ගැටලු, අපවිත්‍ර පුරුදු
(11) 4 - 8 = පාරම්පරික දේ අහිමිය, හිතුවක්කාරය, නිරන්තර දුක උරුමය
(12) 4 - 12 = ධන හීනය, අධික වියදම, දේපළ වියවුල්ය
(13) 5 - 6 = ඉගෙනුම් බාධා, රෝග බහුලයි, දරු පල හීනය, මානසික ව්‍යාධි
(14) 5 - 8 = සෙම් රෝග, අඩු දරු පල, දරුවන්ගෙන් නිරන්තර පීඩා
(15) 5 - 12 = අධ්‍යාපන පීඩා, අකීකරු දරුවන්, අධික වියදම හා අල්ප ඉතිරිය
(16) 7 - 6 = පවුල් අසමගිතා, කාලත්‍ර රෝග, යුගදිවි අසහනකාරී තත්ත්වයන්
(17) 7 - 8 = වැන්දඹු යෝගයයි, අධික රෝග, විවාහ බිඳීම්
(18) 7 - 12 = විවාහ ගැටලු, දික්කසාද වීම්, මුදල් නාස්තිය
(19) 9 - 6 = වාසනාව නැති කරයි, දියුණුවට බාධා, සතුරු බලවේග
(20) 9 - 8 = පරමායුෂ, ඉච්ඡාභංගත්වය, පළිගැනීම් චේතනා
(21) 9 - 12 = ධන හීනය, තම වත්කම් නැතිවේ, අන්‍ය උපකාර මත අසරණ වීම්
(22) 10 - 6 = රැකියා බාධා, සතුරු බලවේග, අනිසි චෝදනාවලට ලක්වීම
(23) 10 - 8 = රැකියා බාධා, අපකීර්තිය, මානසික පීඩා
(24) 10 - 12 = තම ධනය අනුන් වෙනුවෙන් වැයවීම, ඉතිරිය අවමය, නීති ගැටලු
(25) 11 - 6 = රෝග බහුලයි, සතුරු කරදර, නීති ගැටලු
(26) 11 - 8 = ධන හීන දුෂ්කර ජීවිතයකි, දිගායුෂ, කාලත්‍ර අඩු ආයුෂ
(27) 11 - 12 = පුණ්‍ය කටයුතුවලට නැඹුරුව, අනවශ්‍ය පෙම් සබඳතා
ආචාර්ය සම්පත් වීරසිංහ
(ජ්‍යොතිර්විද්‍යා විශාරද ස්වාපන මනෝ චිකිත්සක)