
ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අනුව, දරුවකු ලැබීමේ වාසනාව ඇත්තේ දැයි තත්කාල කේන්ද්‍රයක් මඟින්ද නිගමනය කළ හැකි වෙයි. ජන්ම පත්‍රයක් ඇති අවස්ථාවකදී වුවද, තත්කාල කේන්ද්රයක් මඟින් දරු උපත් සම්බන්ධයෙන් විමසීම කර, ජන්ම පත්‍රය මඟින් තහවුරු කර ගත හැකි වෙයි. ජන්ම පත්‍රයේ මෙන්ම තත්කාල කේන්ද්‍රයේද පස්වැනි භාවයේ උපස්ථානය අධිපති ග්‍රහයා 5 වැනි හෝ 2 වැනි හෝ 11 වැනි භාවයට නිවේදක ග්‍රහයෙකු වන්නේ නම් දරුවකු ලැබීමේ වාසනාව ඇත. ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අනුව දරුවකු ලැබීමේ වාසනාව ඇත්තේ දැයි තත්කාල කේන්ද්රයක් මඟින් විශ්ලේෂණය කර බලමු.
ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අනුව තත්කාල කේන්‍ද්‍රයක් සකස් කිරීම සඳහා 249න් පහළ අංකයක් යොදාගනු ඇත. ඔබටත් දරුවකු ලැබීමේ වාසනාව ඇත්තේ දැයි තත්කාල විමසුමක් මඟින් නිගමනය කළ හැකි වෙයි. මෙම තත්කාල කේන්‍ද්‍රය සකස් කර ඇත්තේ අංක 241 සඳහාය.
තත්කාල විමසුම්වලදී පළමුවෙන්ම තත්කාල කේන්‍ද්‍රයේ සඳුගේ පිහිටීම ගැන බලන්න. සඳුගේ පිහිටීම මඟින් ප්‍රශ්නකරුගේ සිත ගැන පෙන්වයි.
මේ තත්කාල කේන්‍ද්‍රයේ සඳු 5 වැනි භාවය අධිපතිව සිංහ රාශියේ 2 වැනි භාවයේ සහ සිකුරුගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියේය. සිකුරු, වෘෂභ රාශියේ 3 වැනි භාවයේ තැන්පත්ව සිටියේය. වෘෂභ රාශියේ අධිපති සිකුරු 3 වැනි සහ 8 වැනි භාව හිමියා විය. ඒ අනුව සඳු 5 වැනි සහ 2 වැනි භාවවලට නිවේදකයෙක් බව පෙන්වයි.
මෙම තත්කාල කේන්ද්රයේ 5 වැනි භාව ස්ථූටය කටක රාශියේ 12 05 09 යෙදී ඇත. එය සඳු හිමි රාශියේ ශනිගේ නක්‍ෂත්‍රයේ සඳුගේ උපස්ථානයයි. උපස්ථානය අධිපති සඳු 5 වැනි භාවය අධිපතිව, 2 වැනි භාවයේ තැන්පත්ව සිටියේය. මේ අනුව ප්‍රශ්නකරුට දරුවකු ලැබීමේ වාසනාව ඇති බව නිගමනය කළ හැක.
දරුවන් ලබා ගැනීමේ කාලය නිගමනය කිරීම සඳහා මෙම තත්කාල කේන්ද්රයේ 5 වැනි, 11 වැනි සහ 2 වැනි භාව නිවේදක ග්‍රහයන් තෝරා ගැනීම සඳහා ග්‍රහයන්ගේ නක්‍ෂත්‍ර පිහිටීම් සටහන උපයෝගී කර ගමු.
තත්කාල කේන්ද්රයේ 5 වැනි, 11 වැනි සහ 2 වැනි භාව නිවේදක ග්‍රහයන් වන්නේ කුජ, සඳු, බුධ, සිකුරු සහ ශනි වෙති.
මෙම භාව නිවේදක ග්‍රහයන්ගේ දශා, අතුරු දශා කාලසීමාවලදී ඔවුන්ගේ ගෝචර ගමන් සමඟ එකඟ වන විට ප්‍රශ්නකරුට දරුවන් ලබා ගැනීමේ වාසනාව ඇති වෙයි. මේ තත්කාල කේන්‍ද්‍රයේ දැන් රවිගේ මහ දශාව පවතියි. මේ රවි ග්‍රහයා තත්කාල කේන්ද්රයේ 1 වැනි, 6 වැනි සහ 7 වැනි භාව නිවේදක ග්‍රහයෙකු වේ. රවි ග්‍රහයා, තැන්පත්ව සිටි නක්‍ෂත්‍රය හිමි කුජ ග්‍රහයා ග්‍රහයා, 2 වැනි භාවයේ නිවේදක ග්‍රහයෙකු වේ. මේ අනුව ප්‍රශ්නකරුට රවිගේ මහ දශාව තුළ දරුවකු ලැබීමේ වාසනාව ඇති බව නිගමනය කළ හැක.
ක්‍රිස්තු වර්ෂ 2027 පෙබරවාරි මාසයේ 13 වැනි දින දක්වා රවිගේ මහ දශාව පවතියි. ක්‍රිස්තු වර්ෂ 2023 මාර්තු මාසයේ 04 වැනි දින සිට 2023 දෙසැම්බර් මාසයේ 21 වැනි දින දක්වා රවිගේ මහ දශාවේ ගුරුගේ භුක්තිය පවතියි. මේ ගුරු ග්‍රහයා, තත්කාල කේන්ද්රයේ 1 වැනි, 7 වැනි සහ 10 වැනි භාව නිවේදක ග්‍රහයෙකු වේ. ගුරු ග්‍රහයා තැන්පත්ව සිටි නක්‍ෂත්‍රය හිමි කේතු ග්‍රහයා 1 වැනි සහ 7 වැනි භාව නිවේදක ග්‍රහයෙකු වේ. කේතු ග්‍රහයා තැන්පත්ව සිටි රාශිය හිමි සිකුරු ග්‍රහයා 2 වැනි සහ 5 වැනි භාව නිවේදක ග්‍රහයෙකු වේ. ගුරුගේ භුක්තිය යහපත්ය.
දරු පල වාසනාව ඇති ජන්මියා හෝ ප්‍රශ්නකරුගේ 5 වැනි හෝ 2 වැනි හෝ 11 වැනි භාව නිවේදක ග්‍රහයන්ගේ දශා සහ අතුරු දශා කාල ගත කරන විට එම ග්‍රහයන්ගේ සහ රවි, සඳු යන දීප්ත ග්‍රහයන්ගේ ගෝචර ගමන් මඟින් තහවුරු කරන විට දරු පල ලබයි.
ක්‍රිස්තු වර්ෂ 2023 මාර්තු මාසයේ සිට රවිගේ ගෝචර ගමන බලන්න. රවි ග්‍රහයා 2023 ජූලි මාසයේ 17 වැනි දින කටක රාශියට ඇතුළු වෙයි. සඳු හිමි කටක රාශියේ 03 20 00 දක්වා ප්‍රදේශය ගුරු ග්‍රහයා හිමිය. මෙම කාලය යහපත්ය. 2023 ජූලි මාසයේ 17 වැනි දින සඳු ග්‍රහයාද කටක රාශියට ඇතුළු වෙයි. එදින දරු උපත සඳහා යහපත්ය.