
සැමියාට ආදරය කරන්නේ කෙසේද? හැමෝම හොඳ අහන්න කැමතියි. සමහර විටක නරක දවසක හොඳ වචනයක් ඇසීමත් සිතට සහනයක්. නමුත් නිතරම හොඳ කියන්න ගියොත් ඒකෙත් අගයක් නැහැ. නමුදු ඉඳහිට සැමියා වුණත් බිරියගේ මුවෙන් හොඳක් අහන්න ලැබෙනවා නම් ඔහු හිත යටින් හුඟක් සතුටට පත්වෙනවා. පිරිමින් හුඟක් වෙලාවට බිරියගේ මුවෙන් ලැබෙන ඇගයීම නිසා සතුටුවන බව වැඩිය පෙන්නන්නේ නැහැ. නමුත් හිත ඇතුළෙන් ඔවුන් හුඟක් සතුටු වෙන දේවල් තියෙනවා. සැමියාට ආදරය කරන්නේ කෙසේද? ඔබේ සැමියා සතුටින් තබන්න ඔබත් මේ ඉඟි 9 ගැන සිතා බලන්න.
01. ඔහුගේ ඇඳුම් පැලඳුම්
කාන්තාවන් තරම් පිරිමින් ඇඳුම් පැලඳුම් ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ. නමුත් ලස්සනට ඇන්ඳහම එය අගය කරනවට ඔවුන් හුඟක් කැමතියි. එහෙම දවසක කැපී පේන්න ඇඳලා ඉන්නකොට ඔහුගේ සපත්තු දෙක, ටයි එක, කලිසම, කමිසය ගැන අගයන්න ඔබට පුළුවන්.
02. ඔහුගේ ආරක්ෂාව
ඔබට වටිනා බව
ඔහු ඔබට ආරක්ෂාව සපයන බව දැනෙන බව හැඟවීම නිසා ඔහු ඔබේ ජීවිතයට වැදගත් අයෙකු බව සිතාවි. ඒ නිසා ඔහුට ඔහු ගැන හා පිරිමිකම ගැන අභිමානයක් දැනෙනවා. ඒ නිසා ඔහුගේ ආරක්ෂාවේ වටිනාකම අගයන්න.
03. ඔහුගේ සුවඳ
ඔහුගේ විලවුන් සුවඳ, ඩියෝඩ්රන් සුවඳ හමන නැවුම් බවට ඔබ ආකර්ෂණය වෙන බව අඟවන්න. ඔබ එය ඇඟවීම මෝඩ කතාවක් වගේ හිතුණත් හිතින් ඔහු එයට කැමතියි. එය ඔහුගේ පෞරුෂයට වැදගත්.
04. ඔහුගේ හිසකෙස්
සැමියන් තමන්ගේ හිසකෙස් ගැන එතරම් උනන්දුවක් දක්වන්නේ නැති තරම්. නමුත් ඉන් කියන්නේ ඔවුන් ලස්සනට ඉන්න කැමති නැහැ කියන එක නෙමෙයි. ඒ නිසා ඉඳහිට කොණ්ඩය කපන්න සැලෝන් එකට ගිහින් ආවහම ඔහුගේ අලුත් කොණ්ඩ විලාසිතාව ගැන ඇගැයීමක් කරන්න.
05. ඔහුගේ නුවණ
මෙය පුංචි කාලේ ඉඳන්ම හැමෝටම බලපාන සත්‍යයක්. නිතරම ඔබට ඔබේ නුවණ හැකියාව අගයන අය ලැබෙන්නේ නැහැ. නමුත් ඔබේ සැමියා නුවණක්කාර දෙයක් කළොත්, කිව්වොත් ඒ ගැන කතා කරන්න. මේ නිසා ඔහුට ඔහුගේ සුවිශේෂී බව ගැන අන් අය කතා කිරීම ආඩම්බරයට කරුණක් වෙනවා.
06. ඔහුගේ ශක්තිය
පිරිමින් ඔවුන් ශක්තිමත් බව අහන්න කැමතියි. සමහර විට පාලනයටත් පුරුෂාධිපත්‍යයටත් ඔහු කැමතියි. ඉතින් සමහර වෙලාවට ඔහුගේ මතයට ඇහුම්කන් දෙන බව ඇඟවීම ඔහුට සතුටක්.
07. විශ්වාසය පතන බව හා ඔහුගෙන් යැපෙන බව
සැමියා ඔහු නැතිව යමක් කරන්න බැරි බව දැන ගැනීමටත් කැමතියි සහ ඔහු කොයිතරම් විශ්වාස දායක දැයි කීමත් සතුටක්. මන්ද ඔහුත් ඔබ වගේම විශ්වාසය ගොඩනැගීමට කටයුතු කරන නිසා. ඒ නිසා ඔහු ගැන තැබිය හැකි විශ්වාසය හා ඔහුගෙන් යැපෙන බව දැනීම ඔහුට සතුටක්.
08. ඔහුගේ විහිළු අගයන්න
ඔහුගේ සමහර විහිළු අගය නොකළත් ඔහු ඔබව සිනහවෙන් තබන බව ඇඟවීම වැදගත්. සැමියන් බිරියට විහිලු තහළු කරන්න කැමතියි. සමහර දේවල් ඔබව කේන්ති ගස්සන්න කරන විහිළු වුණත් ඔහු එය කරන එක ගැන ඉවසීම ඔහුට වටිනවා.
09. ඔහුගේ පෙනුම
ඔහු කිසි විටෙකත් පෙනුම ගැන ඔබ තරම් නොසිතනවා වෙන්න පුළුවන්. නමුත් ඔහුගේ පෙනුම ගැන නොසිතනවා යැයි කියන්න බැහැ. ඔහුගේ පෙනුම ඇගැයීම ඔහුට සතුටක්. ඔහුගේ පෙනුම ඇගැයීම සමඟම ඔබට ඔහු ප්‍රසංශා කරනවා.
විවාහය එක්තරා විදිහකට ක්‍රීඩාවක් වගෙයි. නමුත් එහි පිල් බෙදීමක් අවශ්‍ය නැහැ. අවසානයේ ජයග්‍රහණයක් එක් අයෙකුට නොලැබුණත් දෙදෙනාටම ලැබෙනවා. දෙදෙනා දෙදෙනාව සතුටු කරන, දෙදෙනා දෙදෙනා පරයා නොයන සහයෝගීත්වයෙන් යුතු අභියෝගයක් වගෙයි. ඒ අභියෝගය ජයගන්න.
(අන්තර්ජාලය ඇසුරෙනි.)