එයිට්කන් ස්පෙන්ස් සමාගමට බිලියන 10.3ක ලාභයක් | Page 2 | සිළුමිණ

එයිට්කන් ස්පෙන්ස් සමාගමට බිලියන 10.3ක ලාභයක්

මෙරට ප්‍රමුඛතම සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගම ඉකුත් දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ මාස නවයක කාලයේදී රුපියල් බිලියන 10.3ක වාර්තාගත පෙර බදු ලාභයක් පෙන්වා ඇත. එය මීට පෙර වසරට වඩා 213.7 % ක සැලකිය යුතු වර්ධනයකි. මෙම පෙරබදු ලාභයට ඉහළම දායකත්වය සපයා ඇත්තේ සමුද්‍රීය සහ භාණ්ඩ ප්‍රවාහන අංශය වන අතර, එය එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ සම්පූර්ණ පෙර බදු ලාභයෙන් 68.4%කි. වසර 2022 අවසන් මාස නවය සඳහා ආදායම් බදු 192.7% ක් දක්වා වැඩි වුවද, ව්‍යාපාර සමූහයේ බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් බිලියන 7.3 දක්වා වැඩි වූ අතර එය ද 223.1%ක වර්ධනයකි.

විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාර අංශයේ ජයග්‍රාහකයා බවට ද පත්ව ඇති එයිට්කන් ස්පෙන්ස් සමාගම, ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද වසර 2022 හොඳම තිරසර ව්‍යවසායකයාට හිමි සම්මානය ද හිමි කර ගත්තේය. කොවිඩ් 19 සඳහා ඔරොත්තු දෙන ප්‍රායෝගික ක්‍රියාකාරකම් නිරූපණය කිරීම සඳහා වූ සම්මානය ද හිමි කරගත් එයිට්කන් ස්පෙන්ස් සමාගම වසර 17ක් පුරා අඛණ්ඩව මෙම කීර්තිමත් ශ්‍රේණිගත කිරීම්වල සිටින ශ්‍රී ලංකාවේ එකම සමාගමයි.

 

Comments