නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කළ ලොරියක් අත්අඩංගුවට | Page 6 | සිළුමිණ

නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කළ ලොරියක් අත්අඩංගුවට

නිති විරෝධි ලෙස ගවයින් 23දෙනෙකු ප්‍රවාහනය කරමින් තිබු ලොරියක් එක් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගැනිමට තණමල්විල  පොලිසිය ඊයේ (21)අලුයම සමත් වී තිබෙයි
 
තණමල්විල උඩවලව මාර්ගයේ 15 හාමර ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් මෙම ලොරි රථයේ ගවයින් අතර එළ ගවයින් 20ක් හා මි ගවයින් තිදෙනෙකු සිටි අතර රත්නපුර  ප්‍රදේශයේ රැගෙන යමින් සිටියදි මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ .
 
මෙම ගවයින් මිළට ගත්තේ කුමන ප්‍රදේශවලින් ද යන්න සම්බන්ධයෙන් හා පසුගිය දිනවල අතුරුදහන් වි ඇති ගවයින් සම්බන්යෙන් ලැබි ඇති පැමිණිලි වලට අදාලව  විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුනි.
 
සිද්ධීය සම්බන්යෙන් තණමල්විල  පොලිසිය ප්‍රධානත්වයෙන් පරික්ෂණ සිදුකරයි.

Comments