
අප අප කෙරෙහි ඇති අවබෝධය අන් අයට අප කෙරෙහි ඇති අවබෝධයට වඩා හාත්පසින්ම වෙනස් විය හැකියි. ඒ ගැන සිතමින් බොහෝ කාන්තාවන් අන් අයට තමන්ව පෙනෙන ආකාරය කෙසේ ද කියා නිතරම වධවීමට පෙලඹෙනවා. අන් අයගේ කැමැත්තට අනුව තමන්ගේ පෙනුම වෙනස් කරගැනීමට උත්සාහ කරන අයටයි අද මේ ලිපිය අරගෙන ආවේ. ලස්සන කියන්නේ ඒකාකෘතික විය යුතු දෙයක් නෙවෙයි. ලස්සන කියන්නේ විවිධත්වය. ඒ නිසා ඔබේ මුහුණේ තොල් විශාල ලෙස පිහිටා ඇතත්, ඇස් කුඩා හෝ විශාලව පිහිටා ඇතත් මේ කිසිවක් ලස්සනට බාධාවක් කියා නොසිතිය යුතුයි. කාන්තා ඔබ නොසිතන ආකාරයේ ඔබේ රූප ලක්ෂණවල ඇති ආකර්ෂණීය බව ගැන කියවෙන කරුණු කිහිපයක් තමයි මේ.
1. දුඹුරු හිසකෙස් සහිත කාන්තාවන් වඩාත් ආකර්ෂණීය බව
Blonde හිසකෙස් නැතිනම් දුඹුරු හිසකෙස් සහිත කාන්තාවන් බොහෝ ආකර්ෂණීය බවින් වැඩියි කියලා අධ්‍යයනයන්ගෙන් තහවුරු වී තිබෙනවා. ඒ නිසා ස්වාභාවිකව ලැබුණු හිසකෙස් වර්ණය වෙනස් කරගැනීමට උත්සාහ කරන්න එපා. කලු, රතු, සුදු හිස කෙස් ඇති ඇය මේ ගැන දුක් වෙන්න අවශ්‍ය නැහැ. වර්ණය නෙවේ හිසකෙස්වල නීරෝගි බව තමයි වඩාත්ම වැදගත් වෙන්නේ.
2. පියයුරුවල හැඩය මිස ප්‍රමාණය ගැටලුවක් කරගත යුතු නැහැ.
විශාල පියයුරු සහිත කාන්තාවන් වඩාත් ආකර්ෂණීයයි කියා මතයක් තිබෙනවා. සාමාන්‍ය ප්‍රමාණයෙන් පියයුරු සහිත වීම තමයි වඩාත් ආකර්ෂණීය වෙන්නේ කියලා අධ්‍යයන මඟින් පෙන්වා දෙනවා. සාමාන්‍යය ආකාරයෙන් පියයුරුවල හැඩය ක්‍රමවත්ව පවත්වාගැනීම තමයි වැදගත් වෙන්නේ කියා ඔවුන් පෙන්වා දෙනවා.
3. ප්‍රසන්න සුවඳ ඔබේ මුහුණ වඩාත් ආකර්ෂණීය වීමට හේතු වෙනවා
සුවඳ විලවුන් භාවිතය සුවඳවත්ව සිටීමට වගේම ආකර්ෂණීය බව වැඩිකර ගන්නත් හේතු වෙනවා. පරීක්ෂණයකදී රෝස තෙල් සහ මාළු තෙල් ගැල්වූ ඡායාරූප අතරින් බොහෝ දෙනකුට රෝස තෙල් සුවඳ ඇති ඡායාරූප හඳුනාගැනීමට හැකි වුණු නිසා ඒවා ඉක්මනින් තෝරාගැනීමට හැකි වුණා. නමුත් ප්‍රබල සුවඳක් ඇති ඒවා භාවිත කිරීම අපහසුතාවක් ඇති කිරීමට ඉඩ ඇති බැවින් විලවුන් භාවිතය ගැන සැලකිලිමත් වන්න.
4. මුහුණේ පෙනුම තරුණ ලෙස පෙනෙයි නම් සිරුරේ හැඩය ගැටලුවක් නැති බව
සමේ තරුණකම රැක ගැනීම ගැන හැමෝම උනන්දුයි. සමහර තරුණ කාන්තාවන් වඩාත් ආකර්ෂණීයයි කියලයි සාමාන්‍යයෙන් පැවසෙන්නේ. පර්යේෂකයින් පවසන පරිදි මීට හේතුව තමයි තරුණ පෙනුම මඟින් ඔවුන්ගේ නීරෝගි බව සහ ප්‍රජනන සෞඛ්‍යය හොඳින් ඇති බව අන් අයට එම ඉඟියෙන් ඇතිකරවන අවබෝධය නිසා ඔවුන් වඩාත් ආකර්ෂණීය බව හැඟී යාම.
5. පියයුරු සහ ලස්සන කකුල් ආකර්ෂණීය බවට හේතුවක්
කාන්තා ශරීරයේ ආකර්ෂණීයම අවයවය පියයුරු නොවේ. මේ තමයි සත්‍ය කරුණ. බොහෝ කාන්තාවන් සිතනවා තම කකුල් අන් සියලු ශරීරාංගවලට වඩා ආකර්ෂණීය බව. නමුත්, කකුල්වල පිරිසුදුකම ඊටත් වඩා වැදගත් වෙනවා කියලයි අපි විශ්වාස කරන්නේ.
6. උච්චස්වරයක් සහිත කාන්තා හඬ ප්‍රියමනාප බවින් වැඩි බව
ඔබට ඇත්තේ උස් හඬක් නම් ඔබ අන් අයට වඩා ආකර්ෂණීය බව දැනගන්න. පර්යේෂණවලින් හෙළි කරන්නේ හඬ අඩු සහ හෙමින් කතා කරන කාන්තාවන් ආධිපත්‍යය ඇති කරගැනීමට උත්සාහ කරන නිසා අඩු ආකර්ෂණයක් සහිත වන බව. කතා කරන අවස්ථාව සහ පුද්ගලයා අනුව ඔබේ හෙඬ ස්වරය තීව්‍ර බව වෙනස් කරමින් කතා කිරීම ප්‍රතිඵලදායි සංවාදයකට හේතුවක් වේවි.
7. සාමාන්‍ය ප්‍රමාණයේ කකුල් මෙන් දිගු කකුල් ආකර්ෂණීය නැති බව
එතරම් උස කකුල් නොමැති අයට මේ තොරතුරෙන් සතුටක් දැනේවි. සාමාන්‍යය කකුල් ප්‍රමාණය ඔබේ කායික නීරෝගි බව පෙන්වන වැදගත් ලක්ෂණයක් වගේම වඩාත් ආකර්ෂණීය අංග ලක්ෂණයක් ලෙසයි ඔවුන් පවසන්නේ.
8. යටි කොඳු ඇට පෙළේ පිහිටීම ආකර්ෂණයට හේතුවක් වෙන බව
ආකර්ෂණීය ලෙස උකුල් සහ තට්ටම් පිහිටීම ඔබේ පෙනුම තවත් වැඩි කරවනවා. ඒ වගේම තමයි පහළ පිහිටි කොඳු ඇට පෙළ කොටසේ කවාකාර පිහිටීමත් ඔබේ පෙනුම වැඩිකරමින් ආකර්ෂණීය බවක් එක්කරනවා. ගර්භිණී කාලයෙන් පසු කාන්තා ශරීරය වඩාත් ආකර්ෂණීය හැඩයක් ගන්නවා ඔබ දැක ඇති.
9. ප්‍රතිචාර දක්වන සුලු බව කාන්තාවකගේ ආකර්ෂණය වැඩි වීමට හේතුවක්
‘Responsiveness’, නැතිනම් ඔබ ප්‍රතිචාර දක්වන ආකාරය නිසාත් ඔබව වඩාත් ආකර්ෂණීය කෙනෙක් ලෙස පෙනෙන්නට පුළුවන්. උපකාර කිරීමට ඇති කැමැත්ත සහ අන් අය කෙරෙහි සෙනෙහස සහ සැලකිල්ල මොවුන් තුළ දක්නට ලැබෙන බවයි කියන්නේ. මේ හේතුව නිසා පිරිමි පාර්ශ්වය සෙනෙහෙවන්ත කාන්තාවන් ඉතා ආකර්ෂණීය ගුණගරුක කාන්තාන් බව සිතීමට පෙලඹෙනවාලු.
අන්තර්ජාලය ඇසුරෙනි