
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරයකු වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය, සියදිවි හානි කර ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ලබා ගැනීම සඳහා පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය පසුගිය 17 වෙනිදා නියෝග කළා ය.
එහිදී මහේස්ත්‍රාත්වරිය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරමින් සඳහන් කළේ, එම පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය පත් කර ගැනීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ නාම ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය. ඒ අනුව, මෙම විශේෂඥ වෛද්‍ය මණ්ඩලය ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව නම් කර එවන ලෙසට ද එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.