
විවෘත කතිකාව 13 වැනිදා සවස 3.00 මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
එයා දැන් බැඳලා‘ විවෘත කතිකාවතක් පෙබරවාරි 13 වැනි සඳුදා සවස 3ට මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. මෙම කතිකාවතට අදහස් දැක්වීම සඳහා විදර්ශන කන්නන්ගර, තනූජා ජයවර්ධන, සඳුන් ප්‍රියන්කර විතානගේ සහ මනෝරම වීරසිංහ ආදි ප්‍රවීණයෝ සහභාගි වෙති. “එයා දැන් බැඳලා“ සාර්ථකත්වයට හේතූන් එහිදී කතිකාවතට ලක්වනවා ඇත.
සෙවණැලි සහ මිනිස්සු වේදිකා නාට්‍යයෙන් කලාවට පිවිසි ප්‍රසන්න ජයකොඩි ජාත්‍යන්තර ඒ ශ්‍රේණියේ සිනමා සම්මාන උලෙළවල සම්මානිත අයෙකි.
ඉමදිය මංකඩ, සඳ අමාවකයි, හදවිල සක්මන, නිසල විල ආදී මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ නම රැන්දූ බොහොමයක් ටෙලි නාට්‍යවල අධ්යක්ෂවරයා ද ඔහුය.
දශක දෙකක පමණ දිගු නිහැඬියාවකින් පසුව නැවතත් ඔහු කතාබහට ලක්වන තාලේ වෙනස්ම ටෙලි නාට්‍යයක් ප්‍රේක්ෂකයාට තිළිණ කළේය. ඒ ‘එයා දැන් බැඳලා‘ ටෙලි සිත්තමයි. පසුගිය නොවැම්බර් 26 වැනිදා සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 8.30ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය ඇරැඹියේය. වසන්ත කන්නන්ගරගේ නිෂ්පාදනයක් වන මෙහි මහේන්ද්‍ර පෙරේරා, සේමිණී ඉද්දමල්ගොඩ, සරත් කොතලාවල, ප්‍රදීප් රාමවික්‍රම, ඇතුළු ප්රවිණ දක්ෂ සම්මානලාභී නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති.