
තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ 04ක මිල අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන ඇත.
ඒ අනුව වටානා කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 305කි.
එමෙන්ම ආනයනික සුදු කැකුළු සහ රතු කැකුළු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 5කින් පහත දමා ඇති අතර එහි නව මිල පිළිවෙලින් රුපියල් 179ක් සහ 164ක් වේ.
මීට අමතරව දේශීය සුදු නාඩු කිලෝග්‍රෑම් එකක් ද රුපියල් 4කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 180කි.