නාවික හමුදා රණවිරුවන්ට ගෞරව නාම | Page 6 | සිළුමිණ

නාවික හමුදා රණවිරුවන්ට ගෞරව නාම

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 45වැනි බඳවා ගැනීමේ සේනාංකයේ රණවිරුවන් සදහා ගෞරව නාම ප්‍රදානය කෙරේ.
 
පසුගියදා මෙය සංවිධාන කරනු ලැබුවේ නාවික හමුදාවේ 45වැනි බඳවා ගැනීමේ සංගමය සහ කඳුරට සංස්කෘතික හා කලා සංගමය එක්වය.
 
මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය හා විසවේද අංශයේ මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඇතුළු විද්වත් මණ්ඩලයක් සහභාගී විය.
 
මෙහිදී රට ජාතිය වෙනුවෙන් ඉටුකළ අභිමානවත් මෙහෙවර අගයමින් නාවික හමුදාවේ මේවන විට විශ්‍රාමික විරුවන් 25දෙනෙකු සදහා ගරුනාම, උපහාර සහ තිළිණ ප්‍රදානය කෙරිණි. එසේම එම විරුවන් සදහා අධිකරණ අමාත්‍යංශයෙන් මුළු දිවයිනටම සාමවිනිසුරු පදවි ලබා දීමක් ද සිදු විය. 
 
රටේ පැවැති තිස්වසරක යුද්ධය නිමා කර දැනට වසර 13ක් ගතව තිබේ. මාතෘ භූමිය වෙනුවෙන් සතුරාට නිර්භයව මුහුණ දී රටවැසියන් වෙනුවෙන් නාවික විරුවන් කළ අපමණ සේවය මෙහිදී ගෞරවයෙන් සිහිපත් කෙරුණි. 
 
එසේම  තාරුණ්‍ය දිරිගැන්වීම සහ ඉදිරියට තවදුරටත් දැයේ දරුවන් වෙනුවෙන් දිරිගැන්වීම් සිදු කිරීම අරමුණු කර ගනිමින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන ඉංජිනේරු හා නීති පීඨ නියෝජනය කරන දරුවන් දෙදෙනෙකු ද ඇගයීමට ලක්විය. ඉදිරියේ දී තවත් දැවැන්ත වූ සමාජ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් දියත් කිරීමට සැළසුම් කර ඇතැයි නාවික හමුදාවේ 45වැනි බඳවා ගැනීමේ සංගමයේ සභාපති දේශමාන්‍ය මහේෂ් ප්‍රනාන්දු මහතා පැවසීය. 
 

Comments