
ඒ ආදරේ වෙනස් වෙන්නේ නැතුව තාම තියෙන එක හරි පුදුමයි
මම ඒ අයට ෆෑන්ස්ලා කියන්න කැමැති නැහැ
ආශා එදිරිසිංහ කියන්නේ පුංචි තිරයෙන් නිතරම වගේ මුණ ගැහුණේ නැතත්, කවුරුත් ආදරේ කරන රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය නිවේදිකාවක් නිෂ්පාදිකාවක් සේම ගායිකාවක්. මේ දිනවල නම් ඇය වඩාත් ජනප්‍රිය “ආදරේ මගේ වුණා“ ගීතයත් එක්ක. ඒ නිසාම රසඳුන අපිත් හිතුවා ඇයගේ ඒ ආදරේ ගීතය ගැන ඇයගෙන්ම අහන්න.
ආශා එදිරිසිංහ වැඩියෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ නිවේදිකාවක් විදිහට, හැබැයි මීට කලිනුත් ගී ගයලා තියෙන නිසා ඒ අතීතය මතක් කරමු ද?
මුලින්ම සින්දුවක් කිවුවේ 2010 දී ITN නාලිකාවේ සූර්ය මංගල්‍යයට සෙන්ට්රිග්රේට් ලා එක්ක “කිචි බිචියට ගී ගයන්න රූ වරුණා මැව්වයි“ ගීතය. ඒ වගේම වර්ණ කියන ටෙලි වෘත්තාන්තයේ තේමා ගීතය මම ගායනා කළා පූර්ණ සචින්ත මල්ලි එක්ක. ඒක සංගීතවත් කළේ තිලිණ රුහුණගේ අයියා. ඒ ගීතය වෙන්නේ “මං තව දුර තනියම යන්නම් හත්දින්නක් තරු පාර කියනවානම්“ ceyflix එකේ විකාශය වුණු රෙඩ් ලයිට් කියන ඩ්‍රාමා එකේ තේමා ගීතය මම රූනි අයියා එක්ක ගායනා කළා “ඔබ සොයන්නේ මා නම්“ එහි රඟපෑවේ සමනලී අක්කා සහ ධනුක. ඒ වගේ තව සින්දු කිහිපයක් මම ගායනා කරලා තියෙනවා. ඒ ඔක්කොම යුග ගායනාවන්. නමුත් තනියෙන් කියන එකක් කියලා තිබ්බේ නැහැ. “ආදරේ මගේ වුණා...“ තමයි මගේ මුල්ම සෝලෝ ගීතය.
මේ ගීතය නිර්මාණය වෙන්න කොහොමද පසුබිම සැකසෙන්නේ?
මගේ උපන්දිනය ඔක්තෝම්බර් මාසේ තිබ්බේ. ඉතින් හැමදාම මගේ උපන්දිනයට මගේ අම්මා මට විශේෂ දෙයක් දෙනවා. මේ සැරේ එයාට ඕනේ වුණා මගේ තනි සින්දුවක් කරන්න. කාලයක් තිස්සේ අම්මා කිය කියා හිටිය දෙයක් තමයි සින්දුවක් කරන්න කියලා. මැණික් ජයසිංහ අක්කා තමයි මේක ලිවුවේ. මියුසික් කළේ ලස්සන ජයසේකර අයියා. මේ සින්දුවේ පද සහ තනුව සංගීතය මේ හැමදේටම අපි හැමෝම ආස වුණ නිසා අම්මා කිවුවා මේ සින්දුව කරමු කියලා. ඒක ඇත්තටම මට ලැබුණු තෑග්ගක් වගේ මට සින්දුව ගායනා කරන්න විතරයි තිබුණේ. අම්මගේ ආශීර්වාදයත් ඇතුව මගේ පළවෙනි සෝලෝ එක කළා.
මේ වෙද්දී සමාජ මාධ්‍යය තුළ ඉතා ශීඝ්‍රයෙන් පැතිරෙන ගීතයක් වෙලා, කොහොමද ආශාට ලැබෙන ප්‍රතිචාර?
මම ඇත්තටම මේ තරම් ප්‍රතිචාර බලාපොරොත්තු වුණේ නැහැ. මම මේ සින්දුව දැම්මෙත් මගේ යූටියුබ් නාලිකාවට. මගේ යූටියුබ් එකේ සබ්ස්ක්රයිබර්ලා 30,000ක් වගේ පොඩි පිරිසක් ඉන්නේ. මම හැමෝගෙන්ම රික්වෙස්ට් කළා ඒ අයට හිතෙන දේ ලියන්න කියලා. මේ වෙද්දී ගොඩක් අය කමෙන්ට්ස් කරලා තියෙනවා. ඒ දේවල් හරි අවංකයි. මට ඒ දේවල් කියවද්දී හරි සතුටුයි. සුජාතා මැණිකේ ඉහළගෙදර ලස්සන කෙටිකතාවක් ලියලා තියෙනවා. මම ඒ දේවල් මගේ මුහුණු පොත හරහා ශෙයාර් කළා
රූප රාමුවත් හරිම ආදරණීයයි. එහි ඔබත් එක්ක ඉන්නේ දර්ශන් තවරාජා. ඔහුව සම්බන්ධ කර ගැනීම ගැනත් කතා කළොත්
මගේ මේ මියුසික් වීඩියෝ එක ඩිරෙක්ට් කළේ සඳරුවන් ජයවික්‍රම අයියා. මියුසික් වීඩියෝ එක සම්බන්ධ හැම තීරණයක්ම ගත්තේ සඳරුවන් අයියා. සඳරුවන් අයියා කියන්නේ ITN එකේ හිටපු ලොකු චරිතයක්. ඒ වගේම දක්ෂ අධ්යක්ෂවරයෙක්. ITN එකේ ගිය තනි තරුව, Song Of The Week වගේ ගොඩක් ජනප්‍රිය වුණු සංගීත වැඩසටහන්වල අධ්යක්ෂවරයා ඔහු. සම්මාන රාශියක් ලැබිලා තියෙනවා Best Music Video Director විදියට. මගේ සින්දුව සඳරුවන් අයියට භාරදුන්නට පස්සේ කිසිම දෙයක් ගැන මම තීරණයක් ගත්තේ නැහැ. මම අයියට කිවුවේ මට මේ සින්දුවට ගැළපෙන ලස්සන වීඩියෝ එකක් කරලා දෙන්න කියලා විතරයි. දර්ශන් තෝරා ගත්ත තැන ඉඳලා හැම දෙයක්ම තීරණය කළේ සඳරුවන් අයියා.
ආශා මුලින්ම එන්නේ රංගනයට, ඊට පස්සේ නිවේදිකාවක් වෙනවා. දැන් ඒ දේවල්වලින් ඈත් වෙලාද?
මම ක්ෂේත්රයට එන්නේ අවුරුදු 11දී. ඒ ළමා නිළියක් විදියට. එතකොට රඟපාන එක තමයි මම ආසම. නිවේදිකාවක් වුණේ අහම්බෙන්. ඒකත් ITN නාලිකාව නිසා. හීන හතක් කියන වැඩසටහන කළා රොෂාන් ප්‍රනාන්දු අයියා එක්ක. මම නිවේදිකාවක් වෙනවට වඩා රඟපාන්න ආස වුණත් මගේ තාත්තාගේ ලොකු කැමැත්තක් තිබ්බේ නැහැ මම ක්ෂේත්රයට සම්බන්ධ වෙනවට. වරින් වර අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මගේ රඟපෑම මම කැප කළා. ඊට පස්සේ කැලණිය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ උපාධිය නිසා රංගනය නතර වුණා. උපාධියෙන් පස්සේ මම මගේම ප්‍රඩක්ෂන් හවුස් එකක් එක්ක තමයි නැවත ක්ෂේත්රයට එන්නේ. ඒකෙන් තමයි ‘අළු බඳුන‘, ‘රන් සමනලයෝ‘ ,‘රනා‘,‘සිහින විලක්‘, ‘වර්ණ‘ ‘සුළඟ‘ වැනි ගොඩක් නාට්‍ය නිෂ්පාදනය වුණේ.
ඔබ කොහොමද චරිත භාර ගන්නේ, තේරීම්ක් තියෙනවද?
මට ගොඩක් වෙලාවට ලැබුණේ බොහොම අහිංසක චරිත. ඊට පස්සේ ඒක පොඩ්ඩක් වෙනස් වෙනවා ජයප්‍රකාශ් ශිවගුරුනාදන් කියන අධ්යක්ෂවරයා එක්ක වැඩ කරන්න ගත්තට පස්සේ. ඒ වගේම චාමර සමරවික්‍රමවත් ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනේ. ඇත්තටම ශිවා අයියා නිසා මම නපුරු දුෂ්ට චරිත කරලත් තියෙනවා. ඉදිරියට එන්න තියෙන නිර්මාණවල තියෙනවා එකිනෙකට වෙනස් වූ චරිත.
කලාවට සම්බන්ධ වෙන්න ලැබීම ගැන සහ කලාකාරිනියක් වීම ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම හරිම සතුටුයි. මම උපාධිධාරිනියක් වුණේ මම රඟපාපු නිසා. මම බය නැතුව ඒක කියනවා. මොකද පුංචි කාලේ මට ඉගෙන ගන්න ලොකු අවශ්‍යතාවක් තිබ්බේ නැහැ. මගේ අම්මා තාත්තා ගොඩක් බලපෑම් කළේ නැහැ. මට ඉන්නේ එක අයියා කෙනෙක්. එයාට තමා අම්මා තාත්තා හැමතිස්සෙම පාඩම් කරන්න ඉගෙන ගන්න කිවුවේ. හැබැයි මම පුංචි කාලේ රඟපාල ළමයි අතරේ ජනප්‍රිය වෙන්න ගත්තම මටම ලජ්ජා හිතුණා මට ලකුණු අඩුවීම ගැන. ඒ නිසා මටම තමයි වුවමනා වුණේ කොහොම හරි ලකුණු ගන්න ඕනේ ඉගෙන ගන්න ඕනේ කියලා. ඒ නිසා රඟපෑම තමයි මට ඉගෙන ගන්න අවශ්‍යතාව ඇති කළේ. මම මගේ ප්‍රේක්ෂකයන්ට ඒ අයට ෆෑන්ස්ලා කියන්න කැමැති නැහැ. ඒ අය දැකලා නැතත් මට ඒ අය ළඟයි. ඒ සම්බන්ධතා අවුරුදු 10කට 12කට වැඩියි. ඒ ආදරේ වෙනස් වෙන්නේ නැතුව තාම තියෙන එක හරි පුදුමයි. ඒ ආදරේ දැනෙද්දී හිතට ලොකු සතුටක් දැනෙනවා. මට මේ ලැබිලා තියෙන හැමදෙයක්ම ලැබිලා තියෙන්නේ රංගනය නිසා.
එතකොට සිනමාවෙන් දකින්න ලැබෙන්නේ නැද්ද?
මම කරපු පහ සමත් චිත්‍රපටය තිරගත වුණා. තව එක නිර්මාණයක් එන්න තියෙනවා හේමාල් රණසිංහ අයියා එක්ක ප්‍රධාන චරිතයක් කරන. ඒක නම් කරලා තියෙන්නේ සිහිනාභිෂේක කියලා.