කාන්තා සිත් වශී කරවන පිරිමි මායම් | Page 2 | සිළුමිණ

කාන්තා සිත් වශී කරවන පිරිමි මායම්

පක්ෂපාතීත්වය, විශ්වසනීයත්වය, අවංකභාවය වගේ දේවල් තමයි සාමාන්‍යයෙන් සෑම පිරිමියකුගේම ජනප්‍රිය ගුණාංග අතර ඉහළින්ම තියෙන්නේ. අවාසනාවට, පළමු වරට පුද්ගලයෙක් දකිනකොටම මේ ගතිලක්ෂණ ඒ පුද්ගලයා ළඟ තියෙනවද කියලා හොයන්න හරිම අමාරුයි. නමුත් අධ්‍යයනයකින් හෙළි වෙලා තියෙනවා තත්පර කිහිපයක් ඇතුළත පිරිමියකු දෙස බැලූ සැණින්ම ඒ කෙනා පිළිබඳ කාන්තාවක් තුළ ආදරය ඇති වෙන්න පුළුවන් කියලා. ඉන්පසුව සුබවාදි හැගිම් ඇති කරන රසායනික ද්‍රව්‍යයක් නිපද වෙලා එයින් මොළයේ ප්‍රදේශ 12කට බලපෑම් ඇති කරන්න සමත් වෙනවා. ඉතින් අපි මේ කියන්නේ කාන්තාවකට එසේ ක්ෂණික ආකර්ෂණයක් ඇති වෙන්න බලපාන පිරිමින් තුළ තිබෙන ලක්ෂණ පිළිබඳවයි.

 

1. කාන්තාව සිනා ගැස්වීම

ඔවුන් සමඟ විනෝද විය හැකි පිරිමින්ට කාන්තාවන් ගොඩක් කැමතියි. අධ්‍යයනයකට අනුව තහවුරු වෙලා තියෙනවා එවැනි විනෝදජනක පුද්ගලයන් නිහතමානී, වඩා නිර්මාණශීලී වගේම බුද්ධිමත් පුද්ගලයන් වෙනවා කියලා.

2. පරාර්ථකාමී හැසිරීම් පෙන්වන්නන්.

විද්‍යාඥයන් පවසන්නේ, නිතරම පරාර්ථකාමී හැසිරීම් පෙන්වන පුද්ගලයකුට වසරක් තුළදී ස්ථිර සබඳතාවක් ගොඩනඟා ගැනීමට වැඩි හැකියාවක් පවතිනවා කියලයි. එයින් අදහස් වෙන්නේ අන් අය පිළිබඳ නිතරම සිතන පුද්ගලයන් සමඟ දිගු කාලීන සබඳතා ගොඩනඟා ගැනීමට කාන්තාවන් වඩාත් කැමති වන බවයි.

3. උසස් වත්කම්

ගොඩක් වෙලාවට අපිට ඇහිලා තියෙනවා සතුට ලබා ගැනීම සදහා මුදල් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ කියලා. නමුත් අධ්‍යයනයක් මඟින් හෙළි වී තියෙනවා කාන්තාවන් “උසස් තත්ත්වයේ” වස්තුන් සමඟ (උදාහරණ ලෙස මිල අධික මෝටර් රථ හා සුඛෝපභෝගි, නිවාස) සිටින පිරිමි පුද්ගලයන්ට ක්ෂණිකව ආකර්ෂණය වෙනවා කියලා.

4. වැඩිහිටි පෙනුම

කතාවක් තියෙනවා “පිරිමියෙක්ගේ වටිනාකම වයසත් එක්කම වැඩි වෙනවා” කියලා. නමුත් මේ කතාවේ හේතු සම්බන්ධව බොහෝ විවාදාත්මක මතිමතාන්තර තියෙනවා. කොහොම වුණත් තහවුරු වෙලා තියෙන විදියට කාන්තාවන් වැඩියෙන් වැඩිහිටි පෙනුමැති පිරිමි පුද්ගලයන්ට ඉක්මනින් ආකර්ෂණය වෙන්නේ ඔවුන්ට විශාල ජීවිත අත්දැකීමක් තියෙන නිසා වගේම දියුණුව කරා යාමට ඔවුන්ට ඉතා හොඳ හැකියාවක් ඇති නිසාය

5. යම් අවිනිශ්චිතතාවක්

ඇතැම් අවස්ථාවල කාන්තාවන් ඔවුන්ට වැඩි අවධානයක් ලබා නොදෙන පිරිමි කෙරෙහි වැඩියෙන් ආකර්ෂණය වීමේ හැකියාවක් පවතිනවා. ඒනිසා වැඩි අවධානය ලබා නොදීමත් පිරිමි මායමක් විදියට හඳුන්වන්න පුළුවන්.

6. බල්ලකු ඇති කිරීම

වර්තමානයේදි සුනඛ හිමිකාරිත්වය හා රැකබලා ගැනීම දිගු කාලීන සබඳතාවක ලක්ෂණයක් විදියට හඳුන්වනවා. එමඟින් කැපකිරීමේ හැකියාව පිළිබඳව සංඥා කරනවා. ඒනිසා සුනඛයකු සමඟ සිටින පිරිමි පුද්ගලයකුට ක්ෂණිකව කාන්තා ආකර්ෂණය හිමි වෙන්න පුළුවන්.

7. රතු ඇඳුම්

රතු පාට, කාන්තාවන් සඳහා පමණක්ම නොවේ. විද්‍යාඥයන් පවසන ආකාරයට රතුපාට ඇඳුමින් සැරසුන පිරිමි පුද්ගලයන් කෙරෙහි කාන්තාවන්ගේ වැඩි උනන්දුවක් යොමු වෙනවා.

8. අවධානම් ගැනීම

කාන්තාවන් අනතුරුදායක හැසිරීම් රටාවලට යොමු වෙන හා අභියෝග වලට යොමු වෙන පිරිමි පුද්ගලයන් කෙරෙහි වැඩියෙන් ආකර්ෂණය වෙනවා. එහිදි පරීක්ෂණයක් මඟින් ඔප්පු වෙලා තියෙනවා වික්‍රමාන්විත අවදානම්වලට මුහුණ දෙන පුද්ගලයන්ට අවදානම් නොවන වික්‍රමාන්විත ක්‍රියාවන්ට මුහුණ දෙන පුද්ගලයන්ට වඩා වැඩි අවධානයක් යොමු වෙනවා කියලා.

9. වැඩුණු රැවුල

කාන්තාවන් රැවුලකින් තොර මුහුණුවලට වඩා හොඳින් රැවුල වැඩුණු මුහුණකින් යුතු පුද්ගලයන් තෝරා ගැනීමට වැඩි නැඹුරුතාවයක් පවතිනවා. ඒ වගේම ඝනව වැඩුණු රැවුලක් සහිත පුද්ගලයන් හොඳ සෞඛ්‍ය මට්ටමකින් සිටිනවා යන්නත් පෙන්නුම් කරනවා.

10. හොඳින් සැකසුණු මාංස පේශින්

හොඳින් සැකසුණු මාංස පේශින් ඇති පුද්ගලයන් වඩාත් සරාගී කඩවසම් හා වඩාත් කායික වශයෙන් ආධිපත්‍ය දක්වන පුද්ගලයන් වශයෙන් කාන්තාවන් සලකනවා. නමුත් ඔවුන් තම සහකාරිය කෙරෙහි අඩු කැපවීමකින් තමයි කටයුතු කරන්නේ. ඒනිසා දිගු කාලීන සබඳතාවක් ඇති කර ගැනීමට නම් මධ්‍යම ප්‍රමාණයේ සැකසූ මාංස පේශින් ඇති පිරිමි පුද්ගලයන්ට කාන්තාවන්ගේ වැඩි ආකර්ෂණය හිමි වෙනවා.

11. දරුවන් කෙරෙහි උනන්දුවක් දක්වන්නන්

පිරිමි පුද්ගලයකු දරුවන් සමඟ කටයුතු කරන විට ඇතිවෙන මුහුණේ හැඟීම්, නිරීක්ෂණය කිරීම මඟින් ඔහු දිගුකාලීන සබඳතාවකට සුදානම්ද නැද්ද යන්න පිළිබඳ නිගමනය කිරීමට කාන්තාවකට සැඟවුණු දක්ෂතාවක් තියෙනවා. ඒනිසා දරුවකු සමඟ කටයුතු කරන විට ඔබේ ඇස් වලින් වගේම සිනහවෙනුත් ප්‍රතිචාර දැක්වීම මඟින් ඔබ ආදරය කරන කාන්තාවගේ හිත දිනා ගැනීමට වැඩි හැකියාවක් තියෙනවා.

12. උස

කාන්තාවන් 600 දෙනෙකු යොදා ගෙන කළ අධ්‍යයනයකින් හෙළි වුණේ පිරිමි පුද්ගලයාගේ උස කෙරෙහිත් කාන්තා අවධානය යොමු වෙනවා කියලයි. එහිදී තමන්ට වඩා උස පිරිමියකු තම සහකාරයා කර ගැනීමෙන් වඩාත් ආරක්ෂාකාරී හැඟීමක් ඔවුන්ට ඇතිවෙන බව ප්‍රකාශ කරලා තියෙනවා. ඒනිසා ක්ෂණික ආකර්ෂණයකට වගේම දිගු කාලීන සබඳතාවයක ආරම්භයට පිරිමි පුද්ගලයාගේ උසත් අනිවාර්යෙන්ම බලපානවා.

Comments